කැස්බෑවාගේ අතුරුදන් වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ I am innocent - Amal Perera Video

කොස්ගොඩ කැස්බෑවා නැතිවූ පොහොය දිනයේ තමන් කොළඹ පැවැති මෝටර් රේස් බැලීම සඳහා ගලදාරි හෝටල‍ෙය් නතර වී සිට පසුදින ගිය බවත්, අදාළ සිද්ධිය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා පවසයි.

අදාළ සිද්ධියට තමන්ට චෝදනා කර ඇති බැවින් පොලිසියට කටඋත්තරයක්දුන් බවත්, පොලිසිය පවත්වන පරීක්ෂණවලට තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බවත් අමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.අමල් පෙරේරා මහතා එසේ පැවැසුවේ ඊයේ (19) සවස නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී අදහස් දැක්වූ අමල් පෙරේරා මහතා, මීට මාස හතරකට පෙර තම මිතුරකු මාලදිවයිනේ දේශපාලනඥයකුට ශාන්තිකර්මයක් කිරීම සඳහා කැස්බෑවකු සොයා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබුණා. එයට පිළියමක් ලෙස තම යහළුවකුගේ කැස්බෑවන් හදන ස්ථානයකට ගොස් මීට මාස හතරකට පෙර කැස්බෑවකු මිලට ගන්න කතා කර ගැනීමට සැලැස්වූවා. නමුත් චන්ද්‍රසිරි නැමැති කැස්බෑවන් හදන යහළුවා මාගේ කොළඹ යහළුවාට කැස්බෑවන් අලෙවි කිරීමට අකමැති වූවා. ඊට පසු එම සිද්ධිය ඉවර වුවත් පසුගිය 15 වැනි දින කැස්බෑවා නැතිවූ බවත්, එයට තමන්ට චෝදනා කර තිබෙන බවත් මෙහිදී පැවැසීය.


නමුත් සිද්ධිය වූ දින තමන් කොළඹ පැවැති මෝටර් රේස් බැලීම සඳහා කොළඹ ගලදාරි හෝටලයේ නතර වී සිට පසුදින හෝටලයෙන් ගිය බව ද පැවැසීය. කැස්බෑවන් හදන චන්ද්‍රසිරිට රුපියල් කෝටි ‍තුනහමාරක් ලබා දෙන්නම් කැස්බෑවා ලබා දෙන්නැයි කීවාත් ඔහු අකමැති වූ නිසා කොළඹින් ගිය යහළුවා එම අදහස අතහැර දැමීය. එම සිද්ධිය වී මාස හතරකට පසුව කැස්බෑවා නැතිවූවා කියා තමන්ට චෝදනා කිරීම නිසා තම කීර්ති නාමයට හානි සිදු වී ඇති බවත්, මේ හේතූන් නිසා තම දරුවන්ට හා පවුලේ අයට, සමාජයට මුහුණදීමට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ද කීය.

කැස්බෑවන් සංරක්ෂණය සඳහා බලපත්‍ර නොමැති බව හෙළිවූ අතර, පාන්දර 1.30 ට පමණ සිද්ධිය වී ඇති බව ද පැවසෙනවා. එම ස්ථානයේ ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන් හා ආරක්ෂාව සඳහා සුනඛයින් ද ඇතිකරනවා. එසේ තිබියදී මෙවැනි කැස්බෑවකු නැතිවිය හැකිද? එසේ වූයේ නම් වගකිවයුත්තා කවුද? කැස්බෑවා මුහුදට ගියාද යන්න ආරක්ෂක පද්ධති හරහා ද නිරීක්ෂණය කළ හැකියි.

කෙසේ හෝ වේවා කැස්බෑවා නැතිවීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට තමන්ගේ පූර්ණ සහාය පළකරන බවත් මෙහිදී ප්‍රකාශ කළේය.



I am innocent -- Amal Perera

Singer Amal Perera, who was summoned to the police station to give a statement in connection with the missing albino turtle, said yesterday that he was innocent and that he had undergone much inconvenience due to this false allegation.

"I and my family including my school going daughter have undergone much inconvenience due to this incident. Chandrasiri who is the owner of the turtle hatchery must take the responsibility for making a false allegation against me. Chandrasiri said about 200 buyers came to buy the turtle but I do not know why he connected only me with this incident. Chandrasiri must also be questioned regarding the loss of the animal," he said.

Convening a news conference in Colombo, Mr. Perera said he went to buy the albino turtle with one of his friends in July and said his friend wanted to buy it for Rs.35 million.

"I mediated in this deal only because both the buyer and the turtle owner were my close friends. I did not want to buy a turtle for such a big price. I am a person who earns my living by singing. It is true that my friend offered Rs. 35 million. But Chandrasiri refused to sell it. So we went away. But we never threatened him and we had not brought the money to buy it as he claimed. This incident happened in late July or early August as far as I can remember. I wonder why this Chandrasiri made this complaint after about four months", Mr. Perera said. (Ajith Siriwardana)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment