අන්තර්ජාලයෙන් රථවාහන ආදායම්බලපත් ගත්තොත් 25%ක වට්ටමක් - The Vehicle Revenue Licence

රථවාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ දී සියයට 25ක මුල්‍ය වට්ටමක් ලබා දීමට තීරණය කරයි.බලපත්‍ර ගාස්තුව රුපියල් හයදහසට අඩු සියලුම රථ වාහන සඳහා ‍මෙම සියයට විසිපහේ වට්ටම වලංගුවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර එය මේ මස 21, 22 හා 23 දියන්හි දී ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි. බස්නාහිර පළාතේ ලියාපදිංචි ඕනෑම මෝටර් රථයක ආදායම් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන මේ මූල්‍ය වට්ටම ලබාගත හැකි බව පෙන්වාදෙන එම නියෝජිතායතනය www.srilanka.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ආදායම් බලපත්‍රය ලබා ගතහැකි බව ද කියාසිටී.

රජයේ සේවාවන් තොරතුරු තාක්‍ෂණයේ ආධාරයෙන් ලබාදීමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව යමින් මෙම සේවාව ලබාදෙන අතරම එමඟින් මුල්‍ය සහනයක්ද ජනතාවට ලබා දීමට හැකි වී තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment