ඉන්දියාව තුළ වැඩිම ඉල්ලූම සනී ලියොන්ට - Highest demand for Sunny Leon

ෂාරුක්ට අලුත් නිළියක් 

මෙම වසරේ වැඩි වශයෙන් ඉන්දියාව තුළ අවධානයට ලක් වූ අය ලෙස කාමුක බොලිවුඩ් නිළි සනී ලියෝන් මුල් තැනට පත්ව තිබේ. අන්තර්ජාලය හරහා කල සමීක්‍ෂණයකින් මේ බව හෙළිව ඇති අතර සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙම ලයිස්තුවේ පස් වන ස්ථානයට පත් ව ඇත.

කොල්ලන් සමඟ හොකී ගැහීම නිසා ළමා කාලයේත්, ද්වි ලිංගික ඇසුර නිසා නව යොවුන් කාලයේදීත් ප්‍රසිද්ධ වුණු කැනේඩියානු නිළි සනී ලියෝන් දැන් වඩාත් ප්‍රසිද්ධ තිරයේ සරාගී අංගනාවක ලෙසයි. පසුගිය වසරේ බොලිවුඩයට 'ජිස්ම් 2' සිනමාපටයෙන් පා තැබූ ඇයට එය ධන නිධානයක් විණි.
බොලිවුඩ් සිනමාවේ සනීගේ වාසනාව සැඟ වී ඇති බව මෑතකදී සිදු වූ දෙයකින් ද හොඳින්ම ඔප්පු වෙයි. ඇය රැඟූ 'ජැක්පොට්' පූර්ව දර්ශනය නැරැඹීමට අනාරාධිතවම සුපිරි සුවිශේෂීකමක් ඇති අමුත්තෙක් පැමිණියේය. ඒ අන් කිසිවකු නොව ෂාරුක් ඛාන්ය. ෂාරුක් පැවසූ දෙයින් සනීගේ සිත සම්මානයක් ලැබුණා හා සමාන සතුටකින් පිරී ගියේය. ඔහු කියා සිටියේ අනාගතයේදී සනී ලියෝන් සමඟ රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
ඇය මේ කියමනෙන් කෙතරම් සතුටට පත් වුණා ද කිවහොත් ෂාරුක් හමුවීම සිහිනයක් සැබෑවීමක් බව පැවසුවාය. සනී කවදත් ෂාරුක් රසිකාවකි.

සනීගේ මාපියන් පන්ජාබ් ජාතිකයන්ය. වයස අවුරුදු දහනවයේදී වැඩිහිටි සිනමාපටවලින් සිනමා ලෝකයට පිවිසි ඇය සැබෑවටම රංගනය හදාරන්නේ බොලිවුඩයට පැමිණි පසුවයි. හින්දි ඉගෙන ගැනීම, නර්තනය හැදෑරීම නිසා සනීට යළි පාසල් ගිය කාලය සිහි කරන කාලයක් යළි උදා වී තිබේ. නස්රුදීන් ෂා සමඟ රඟපෑම ඇයගේ තවත් සිහිනයකි.

වඩාත් හොඳින් රංගනයේ යෙදීම මේ සියලුම සිහිනවල යථාර්ථයයි. කත්‍රිනා කායිෆ් මෙන් සෙමෙන් එහෙත් හොඳින් රංගනය හැදෑරීම තිස් දෙහැවිරිදි සනීගේ අරමුණයි. ඇය රැඟූ රාගිනි එම් එම් එස් 2, ටීනා ඇන්ඩ් ලෝලෝ ලබන වසරේදී තිරගතවීමට නියමිතය.




The sexy Indian Bollywood actress Sunny Leon has won the first place among the most attacked people in India in this year.

This has been revealed by a research done through internet and the famous actor Shahrukh Khan is in the fifth place in the list.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment