EAP බැංකු තරඟය ජයගනී !

ලංකාවෙ ආරම්‍භ කරන අවසන් වානිජ බැංකුව ලෙස EAP බැංකුව 2014 පෙබරවාරියේදි ඇරඹිමට මෙ වන විට සියලු සූදානම් බව අපවෙත වාර්තා වේ. ඉදිරි සති 02ක කාලය තුලදී ඊට ආදාල අවසන් බලපත්‍රය ලැබිමට නියමිතය. 

ප්‍රථම වරට ශ්‍රිලාංකික මෘදුකාංග ආයතනයක් වන EAP බැංකුව වෙනුවෙන් බැංකු මෙහෙයුම්‍ පද්ධතිය නිර්මාණය කර ඇත. 

පසුගිය වසරේදි EAP සමුහ ව්‍යාපාරය මෙ EAP බැංකුව සදහාම බඳවාගත් උපාධිධාරින් 50ක් මෙ වන විට සියලු පුහුණුවිම්‍ අවසන් කර ඇති අතර ඔවුන් EAP බැංකුවහි ප්‍රථම නිලධාරින් වන අතර ලංකාවෙ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක ප්‍රබලයින් රැසක් මෙ වනවිට EAP බැංකුව වෙත එක්විමට තම කැමැත්ත පල කර ඇත. 

වර්ථමානයේ ස්වර්ණවාහිනි, සවර්ණමහල් ආදි ආයතනයන් වල හිමිකාරත්වය හිමි EAP සමුහ ව්‍යාපාරය යටතේ මෙම EAP බැංකුව පාලනය වනු ඇත. 

මේ වනවිටත් එම සමාගමට හිතවත් රජයේ ප්‍රබලයින් හා සමාගම්‍ කිහිපයක්ද මුදල් ආයෝජනය කිරීමට කැමැත්ත පලකොට ඇත. නව බැංකුව මගින් රන් උකස්, දේපොල ණය ,කල් බදු, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම්‍ සදහා වැඩි අවධානයක් ලබා දිමට නියමිත බව වාර්තාවේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment