තඹුත්තේගම ට වැටුණු උල්කාව හා පෙරේදා කැලිෆෝනියාවට වැටුණු උල්කාව

තඹුත්තේගමට වැටුණේ සූර්යයා ලඟින් ගිය ISON වල්ගාතරුවේ කොටස්- මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

කැලිෆෝනියාවට කඩා වැටුණු උල්කාවක් ගැන මීට පෙරද අප ඔබට තොරතුරු ගෙන ආ අතර පෙරේදා පාන්දර ද විශාල ආලෝකයක් සමඟ තවත් උල්කාවක් කැලිෆෝනියාවට කඩා වැටී තිබෙනවා,

පාන්දර 5.00ට පමණ San Diego නගරයට වැටුණු එය පිළිබඳව abc රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ වීඩියෝව පහතින්.




මේ අතර මීට දින කිහිපයකට පෙර කැනඩාවේ Ottawa නගරයට කඩා වැටී තිබුණු උල්කාවක් විශාල ශබ්ධයක්ද සමඟය පුපුරා ගොස් තිබුනා.

රාත්‍රී 8.00 ට පමණ දීප්තිමත් නිල් පැහැති එළියක් සමඟ පොළොවට කඩා වැටුණු ඒ පිළිබඳව එරට රූපවාහිනී නාලිකාවකින් විකාශය වූ වීඩියෝව පහතින්.



මේ අතර පසුගිය 02 වෙනිදා කැනඩාවට කඩා වැටුණු උල්කාවක් ජායාරූපගත කල පුවතක්ද වාර්තා වුණා. රාත්‍රී 10 ට පමණ වැටුණු එම උල්කාව පුද්ගලයෙකු විසින් ජායාරූපගතකර තිබුනේ මෙලෙසින්.



නෙදර්ලන්තයට වැටුණු දුර්ලභ උල්කාව

1873 ඔක්තෝබර් 27 වනදා නෙදර්ලන්තයේ Diepenveen ගමට වැටුණු කුඩා උල්කාවක කොටස ඉතා විරල උල්කාෂ්මයක් බව පෙරේදා හෙළි කර තිබුනා.

සාමන්‍යයෙන් උල්කාවක් පොළවට පතිතවීමේදී ගිනිගැනීමකට ලක්වී එහි සංඝටක වෙනස්වේ. නමුත් Carbonaceous chondrites ලෙස හඳුන්වන මෙම වර්ගයේ උල්කා වල එවැනි සංඝටක වල වෙනස්වීමක් සිදුනොවන අතර මෙවන් උල්කා මේ වනතෙක් හමුවී ඇත්තේ 5ක් පමණක් බවයි පැවසෙන්නේ.



තඹුත්තේගමට වැටුණේ සූර්යයා ලඟින් ගිය වල්ගාතරුවේ කොටස්- මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට වැටී තිබුණු පාෂාණ කැබලි අරලගංවිල, මහියංගණය, රත්කිඳ යන ප්‍රදේශයන්වලට වැටුණු පාෂාණ හා සමාන බව පැවසේ

එම පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටින බවත් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

(ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව යනු Phaethon 3200නම් පාෂාණමය වල්ගාතරුවේ කොටස්ය)

මෙහි විශේෂිත ඩයටම කාණ්ඩයේ ජීවීන්ගේ ඡායාරූප අණ්වීක්ෂීය පරීක්ෂණ මගින් ලබාගෙන එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාට යොමු කිරීමෙන් අනතුරුව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙම ජීවීන් විශේෂිත ඩයටම කාණ්ඩයට අයත් බව තහවුරු කළද බව ඔහු පවසා තිබේ.

"වෛද්‍ය පරීක්ෂණ විද්‍යාඥයකු වශයෙන් මා ඇත්තටම මේ පිළිබඳ ඇලුම් කරන කෙනෙක්. තඹුත්තේගමට වැටුණු මේ උල්කා කොටස් මා පරීක්ෂාවට ලක් කළා. මෙම පාෂාණවල ඩයටම ජීව විශේෂ හා තවත් ජීවී විශේෂ ඉන්නවා. මා මෙහි තොරතුරු බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාට හා නාසා ආයතනයේ භූ විද්‍යාඥ තාරකා ජීව විද්‍යා අංශයේ ආරම්භක සාමාජික - ඩයටම ජීව විශේෂ පිළිබඳ විශේෂඥ රිචඩ් හූවර් මහතාව දැනුවත් කළා.

ඔවුන් දෙදනොගේම අදහස වූයේ අරලගංවිල ප්‍රදේශයට වැටුණු උල්කා කැබලිවල වෙසෙන ජීවීන්ට වඩා මෙම ඩයටම ජීවී විශේෂය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බවයි. ඔවුන් දෙදෙනාම වඩාත් උනන්දුවක් මේ පිළිබඳ දැක්වීම මම අගය කරනවා.
"

මේ අතර පසුගිය 9 වනදා තඹුත්තේගම වෙල් යායට වැටුණු පාෂාණ කැබලි කැබලි අකුණු පාෂාණ කැබලි නොවන බවත් ඉකුත් දවස්හි සූර්යයා අසල ගිනිගෙන දැවුණ ධූම කේතුවක කොටස් වන්නට ඇතැයි බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසනවා

නමුත් ගැටළුව වන්නේ "ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව" පවතින දින කිහිපයේ වැටුණු මෙම උල්කාව ISON වල්ගාතරුව නිස වැටුණු කොටසක් ලෙස පවසන්නේ කෙසේද යන්නයි. මක් නිසාද යත් එම ධූමකේතුව ගමන් කළේ පෘතුවියට කිලෝමීටර් මිලියනයකටත් වඩා දුරකින් වීම නිසයි.

නමුත් පසුගිය 5 සිට 17 දක්වා කාලයේ පෘතුවිය ගමන් කළේ Phaethon 3200 නම් පාෂානමය වල්ගාතරුව අභ්‍යවකාශයේ ඉතිරි කර ගොස් ඇති අවශේෂ හරහාය.

කිලෝමීටර් මිලියන ගණනක් දුරකින් පසුගිය නොවැම්බර් 17 සිට 23 දක්වා කාලය තුළ පෘතුවියට දර්ශනය වූ ISON වල්ගාතරුව සූර්යයාද පසුකර ගියේ නොවැම්බර් 28 වනදාය. ඊටත් දින 11කට පසු ISON වල්ගාතරුවෙන් කෑල්ලක් වැටුණායැයි චන්ද්‍රා වික්‍රමසිංහගේ මතය පිළිගැනීම අසීරුය.


-සම්බන්ධිත පුවත්-
1. ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රාන්තයට වැටුණු උල්කාව
2. ඊයේ කැලිෆෝනියාවට කඩා වැටුණු උල්කාපාත
3. ස්කොට්ලන්තයට හා අයිස්ලන්තයට කඩා වැටුණු උල්කා
4. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට දුටුවේ මිසයිල දියත් කිරීම් ද?
5. ගුවන් යානයක් කඩා වැටුනැයි උල්කාවකට රැවටුණු පොලිසිය
6. වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව පලමුවරට සොයාගනී
7. උල්කාවකට බයවූ Ultra HD රූපවාහිනී වීඩියෝව
8. තඹුත්තේගමට වැටුණු උල්කාව
9. ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ
10. ISON වල්ගාතරුවේ කොටසක් විනාශ වෙයි
11. තඹුත්තේගම ට වැටුණු උල්කාව හා පෙරේදා කැලිෆෝනියාවට වැටුණු උල්කාව

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment