කැටයම් චින්තක පොලිස් වෙඩි පහරින් මියගිය අන්දම (සංස්කරණය නොකල ජයාරූප)

කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේදී ඉකුත් 16 වැනිදා පොලිස් කොස්තාපල් සුනිල් සහ ඔහුගේ බිරිය සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යැයි කියන කැටයම් චින්තක නොහොත් හේවා පතිරණගේ චින්තක වසන්ත කුමාර නමැති අය ඊයේ උදෑසන පොලිස් වෙඩි තැබීමකින් මියගොස් ඇත. 

මොහු ලී කැටයම් කිරීමට දක්ෂතාවයක් ඇතිනිසා මෙසේ කැටයම් චින්තක නමින් හඳුන්වා ඇත. පොලිස් බුද්ධි අංශ මගින් ලබාගත් විස්තරවලට අනුව චින්තක නැමැත්තා නයිගල නමැති කාලයේ ගල් ගුහාවක් තුල සැඟවී සිටින බවත් යම් කිසිවෙකු ඔහුට ආහාර සපයන බවත් එයට අමතරව ඔහු ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වලට බලෙන් ඇතුළුවී ආහාර රැගෙන යන බවද බුද්ධි අංශ වෙත දැනගෙනීමට ලැබී ඇත. 

කැටයම් චින්තක එම ගල් ගුහාවේ උඩට නැගීමට ලී ඉනිමගක් ද සාදාගෙන ඇතිඅතර දහවල් කාලයේ ගල්ගුහාව උද සිට ඔත්තු බලමින් කල්ගත කොට ඇත. සැලසුම්සහගතව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකාය කැටයම් චින්තක අල්ලා ගැනීම සඳහා කුඩා කණ්ඩායම් ක්‍රමය යොදාගෙන ඇත. ඒ සඳහා සෙබළුන් පස් දෙනකු යොදාගෙන ඇත. 

එයට ‍පොලිස් පරීක්ෂකවරයකු, කොස්තාපල්වරුන් සිව් දෙනකු සහභාගි වී ඇත. ඒ අනුව එම මෙහෙයුම රාත්‍රී 9.30ට පමණ ආරම්භ කර ඇත්තේ කිසිවකුට තොරතුරු නොයන පරිද්දෙනි. මෙම මෙහෙයුමට සහභාගි වූ පස් දෙනා රාත්‍රී 9.30ට පමණ වනාන්තරයට ඇතුළු වී කිලෝමීටර් අටක් පමණ දුර ගෙවා ගොස් ඇත. 

රාත්‍රී 12 පමණ වන විට කැටයම් චින්තක ගේ ගල්ගුහාව අසලට ඔවුන් පැමිණි ඇතිඅතර ඒ වනවිටත් කැටයම් චින්තක සිට ඇත්තේ අවදියෙනි. පොලිසියේ ඉව දැනුන කැටයම් චින්තක අත් බෝම්බයක් ගුහාව පිටුපස පුපුරවා ඇත. 

එහිදී චින්තක ට එල්ලකළ ප්‍රති ප්‍රහාර වලින් හිසට එක් උණ්ඩයක් ද පපුවට උණ්ඩ දෙකක්ද වැදීමෙන් කැටයම් චින්තක ගල්ගුහාව තුලම මියගොස් ඇත. මිය ගිය කැටයම් චින්තකගේ මව විසින් මෙලෙස මියගොස් සිටින්නේ තම පුත්‍රයා බවට හඳුනාගෙන ඇත. 

කැටයම් චින්තකගේ මවගේ නිවසටත් ගිනි තැබීම හා ගම්වාසීන්ගේ දැඩි විරෝධය හමුවේ චින්තකගේ දේහය ගමට ගෙන ඒමටවත් වලදමීමට වැලක් කපාගනීමටවත් කෙනෙකු නොමැති නිසා අවසාන කටයුතු රජයේ වියදමින් ඉටුකරන ලෙස චින්තක ගේ මව දන්වා ඇත. 

චින්තකගේ මරණය සැලවීමත් සමග මාස්මුල්ල, කඹුරුපිටිය යන ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා තිබේ. ඇතැම් ස්ථානවල කිරිබත් පවා පිස ඇති බව වාර්තා වේ. 

චින්තක ගල් ගුහාව ආසන්නයේ මැරී සිටි අන්දම පහතින් බලන්න (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment