මුළු රටේම රැව්දෙන "අම්මා" කවි බණේ පසුබිම් කතාව

සිතතුළ ඇති කරුණා නැත නිම්මා 
මාගේ දුක්ගිනි නැතිකර දැම්මා 
පෙන්වූවා ලොව්තුර ගුණ සම්මා 
මගේ පණයි මගේ ආදර අම්මා 

සුමිහිරි හඬින් ගැයෙන ඉහත කවි බණ ඔබට මේවනවිටත් මගතොටේදී, බස්රථයේදී නිතර ඇසී ඇතුවාට සැකයක් නැහැ. ලංකාව පුරා ඉතා සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් මව් ගුණ ගායනා සහිත එම කවි බණ ගායනා කොට තිබුනේ මාකඳුර පඥාසාර හිමිනම විසිනි. 

ලංකාව පුරා ජනප්‍රියත්වයට පත් එම කවි බණ රචනා කොට ගායනා කිරීම පිටුපසද බොහෝදෙනෙක් නොදත් කතාවක් තිබේ. 

පහතින් දැක්වෙන්නේ පඥාසාර හිමිනම විසින් ඒ පිළිබඳව අදහස් දැක්වූ අයුරුයි.

"මගේ අම්මාට දැන් වයස අවරුදු 73 ක්. පසුගිය දවස්වල ඇය හුඟක් ලෙඩ වෙලා අසාධ්‍යය තත්වයට පත්වෙලා හිටියා. වාර්තා වලට අනුව ඇයට ලෙඩක් තියෙනවා කියලා හොයාගන්න බැරිවුනා.අන්තිමට මම අම්මාව කොළඹට ගෙනාව. ඇයට කන්න බැරුව ඇඳේ ඉන්නකොට මට දරාගන්න බැරි දුකක් ආව. 

ඒ අතරේ මම ප්‍රාර්ථනාවක් කළා අම්ම සුව උනොත් ඒ වෙනුවෙන් හැමදාමත් වටිනා පිංකමක් කරනවා කියලා. පන්සලේ බෝධිය අසලට ගිහිල්ලා අම්මාට සෙත් කවියක් කිව්වා. ඒ ගිහින් ඇවිත් අම්ම ඉන්න ඇඳ ගාව හිටියම මට නොදනිම නින්ද ගිහින්. 

එතකොට මට හීනෙන් වගේ ඇහුන අම්මා "පුතේ පුතේ" කියල කියනවා..මම ඇහැරිලා බලනකොට අම්ම මගේ ඔලුව අතගානවා.මට අදහා ගන්නත් බැහ. අපේ අම්ම දැන් හොඳින් සුවෙන් ඉන්නව. එදා අම්ම වෙනුවෙන් සිදුකල ප්‍රාර්ථනය ඉටුකරන්න ඇය ගැන පදවැල් කීපයක් ලිව්වා..මේ ප්‍රාර්ථනාවයි අද සීඩී තැටියක් ලෙසින් මුළු රටපුරාම රැව් දෙන්නේ.. 

මේ සීඩි තැටිය කරන්න පෙර මම විවිධ තේමා ඔස්සේ කවි බන සීඩී 90 ක් විතර කරලා තියෙනවා. එත් අම්මා සීඩී පටන් තමා මාව මුළු රටම අඳුර ගත්තේ.මේකට හේතුවකුත් තියෙනවා. මෙතක් නිකුත් කල කවි බණ වලට වඩා මෙයට පසුබිම් සංගීතයකුත් යොදාගෙන තිබෙනවා. 

ඊටත් වඩා ලෝකයේ තියෙන මිහිරිම වචනය තමා අම්මා කියන්නේ. ඒ වචනයේ තියෙන බලය මෙය ජනප්‍රිය වෙන්න එක හේතුවක්. 

පැවිදි වූ හැටි
මම කවි නිර්මාණ කරන්න එළඹුණේ මම මහන උනාට පස්සේ. මම මහන උනේ අවරුදු 12 දී. අපේ ගම ගාල්ලේ යක්කලමුල්ලේ. පවුලේ පිරිමි පස් දෙනයි, අක්කල දෙන්නයි. මම බාලයා. ඒ කියන්නේ බඩ පිස්සා.. අම්මා එම්. කේ දයාවතී. අපි සාමන්‍යය ගොවි පවුලක්.තාත්තා කලේ ගොවිතැන. කව්රුවත් හිතුවේ නැහැ මගේ තිබුන දඟකාරකම් එක්ක මම මහන වෙයි කියලා. එත් දවසක් වතුරුදුවේ ආරණ්‍යයට දානයක් දෙන්න ගියාම ඒ හාමුදුරුවන්ගේ පින්වත් බව දැකල මහන වෙන්න හිතුනා. කව්රුත් බලකලේ නැහැ. මම අම්මටයි තාත්තටයි කියල මහන වුනා. 

අම්මා සීඩී පටය පිළිගැන්වූ හැටි
මේ සීඩි පටිය පිළිගන්වන්න තරම් හැකියාවක් මට තිබුනේ නැහැ. මගේ මුල්ම සීඩි. ඒක ගෙනිහින් දුන්නේ මගේ අම්මටයි. මට ඒ අවස්තාව අදටත් මැවිලා පේනවා. අම්මා සී.ඩී එක දාගෙන ගේ අතුගාන්න පටන් ගත්තා. මුල්පද ටික ඇහෙනකොට අම්මගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙනවා. "ඇත්තටම රත්තරන් පුතේ මම උඹව හැඬුවේ පපුවට තුරුළු කරගෙන" කියලා අම්මට කියවුනේ මම පවිදිවෙලා කියන බවත් අමතක වෙලා.. "

එම කවි බණ අහන්න පහතින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment