ලොකුම කුඩු කන්ටේනරය නිදහස් කිරීමට තම කාර්යාලයෙන් ලිපියක් යැවූ බව අගමැති පිළිගනී

ලංකාවේදී හමුවූ ලොකුම කුඩු කන්ටේනරය පසුගියදා හසුවුණා.

ඒවිට එම කන්ටේනරය වරායෙන් නිදහස් කරන ලෙස ලිපියක් යවා ඉල්ලා තිබුණේ අගමැති කාර්යාලයේ ශීර්ෂය යටතේය.

මේ සම්බන්ධයෙන් ඊයේ අනුර කුමාර මංත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ අගමැතිවරයා පැවසුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු එවැනි ලිපියක් යවා ඇති බව පිළිගත්තා.

නමුත් බුද්ධ ශාසන අමාත්‍යවරයා වන්නේද අගමැති වරයාමයි.


අනුර කුමාර මංත්‍රීවරයා විසින් ඇසූ ප්‍රශ්නයට අගමැතිවරයා පිළිතුරු දුන්නේ මෙලෙසින්

2013.08.30 වන දින අංක APHU610322/09 දරන බහාලුමේ තිබී අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය නීතිවිරෝධී මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් බවට සැක කළ අතර දවටන සමඟ කිලෝ ග්‍රෑම් 261 ග්‍රෑම් 292ක් විශ්ලේෂනය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක වෙත 2013.09.02 දින අංක ENP/2013/12809 යටතේ යොමුකරන ලදුව 2013.11.08 දිනැති ආණ්ඩුවේ රස පරීක්ෂකගේ විශ්ලේෂණ වාර්තාව අංක N/5481/2013(CD4055/2013) අනුව එම ද්‍රව්‍ය හෙරොයින් ලෙස හඳුනාගන ඇති අතර එහි ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 131 ග්‍රෑම් 148.80ක් ලෙසද හඳුනාගන ඇත.

බුද්ධශාසන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් 2013.08.23 දිනැති Manager, South Asia Gateway Terminals (PVT) Ltd, Port of Colombo- P.O Box 141 Colombo යන ලිපිනය වෙත ලිපියක් යොමුකර ඇති බවට වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) සහය ලබාගැනීම සඳහා කටයුතු කර ඇති අතර දකුණු ආසියානු කලාපීය රටවල මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ සම්බන්ධීකරණ ඒකකය මඟින් පාකිස්තානු මත්ද්‍රව්‍ය නිවරාණ බලකාය වෙත දැනුම් දී විමර්ශන කටයුතු සඳහා සහය ලබගෙන ඇත.

මෙම සිදුවීම පිළිබන්ධව කරන ලද පරීක්ෂනයේදී මේ වනවිට පහත සඳහන් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අංක xxx බී වාර්තාව යටතේ අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර කොට ඇත

1. ජමාල් නාසීෆ් අසීස් අබ්දුල් නො 323/එෆ්/11/3 ඉස්ලාමාබාද්, පකිස්ථානය
2. මොහොමඩ් කමීල්- වි30. දුම් රිය නිවාස, මාලිගාවත්ත, කොළඹ 10

මෙතෙක් සිදුකරන ලද පරීක්ෂන අනුව සර්දර් අසාද් මොහොමඩ් ඛාන් නැමැති පකිස්ථානු ජාතිකයා මෙම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙන්වීම සඳහා සෘජුවම සම්බන්ධ වී ඇති පුද්ගලයා බවත්, ඔහු මෙම කන්ටේනරය අත් අඩංගුවට පත්වීමට ප්‍රථම ලංකාවෙන් පිටව ගොස් ඇතත් සැකකරු ජාත්‍යන්තර පොලීසිය හා පකිස්ථානු මත්ද්‍රව්‍ය නිවාරන බලකාය විසින් පකිස්ථානයේ කාශ්මීර දේශසීමාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.


අගමැතිගේ මෙම ප්‍රකාශයෙන් පසුව අනුර කුමාර මංත්‍රීවරයා ප්‍රකාශ කලේ.

"අපේ රටේ කුඩු හා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් සැරිසරනවා. එතනෝල් නැව් පිටින්, කුඩු කටේනර් පිටින් හමුවෙනවා. අද වනවිට ලංකාව කුඩු හා මත්ද්‍රව්‍ය වල කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙනවා.. යුද්ධයට වඩා බරපතල විනාශයක් මත්ද්‍රව්‍ය නිසා සිදුවෙනවා.

මේ කුඩු කන්ටේනරය නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිළධාරියෙක් එහි ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යවා තිබෙනවා. මේ නිදහස් කරන්න කියන්නේ ආසියාවේ විශාලතම කුඩු තොගයයි.

කවුරු හරි මේ කුඩු තොගය නිදහස් කරන්න ලිපියක් නිකුත් කළාද ඇහුවා. ගරු අග්‍රාමාත්යතුමා කිව්වා මෙහෙම "
බුද්ධශාසන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් 2013.08.23 දිනැති ලිපියක් යොමුකර ඇති බවට වාර්තා වී ඇති බැවින්...."

දැන් බලන්න. බුද්ධශාසන අමාත්‍යවරයා කියන්නේ අගමැතිවරයා. ලංකාවේ ලොකුම කුඩු තොගය අහුවුණාම ඒ කුඩුතොගය නිදහස් කරන්න කියලා අගමැතිවරයාගේ සම්බන්ධීකරණලේකම් ලිපියක් යවනවා නම් මොකක්ද මේ රටේ නිර්මානය වෙලා තියෙන්නේ?
"

එම වීඩියෝව පහතින්.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment