බ්ලුෆිල්ම් ජනක කෝට්ටේ මහනගර සභාවේ යකා නටයි!

රාජගිරිය කොස්වත්ත පාරේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉදි වෙමින් පවතින පිහිනුම් තටාක සංකීර්ණයක අනවසර ඉදිකිරීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙයින් වඩාත්ම අපහසුතාවයට ලක්ව ඇත්තේ එම ඉදිවන පිහිනුම් තටාක සංකීර්ණයට යාබදව පවතින නිවසේ පදිංචිකරුවන්ය. 

මහනගර සභාවෙන් අනුමත නොවූ සැලසුමකට අනුව නව ඉදිකිරීම මගින් විශාල උස්වූ තාප්පයක් අනවසරයෙන් ඉදිකිරීම හේතුවෙන් එයට යාබද නිවසට වාතාශ්‍රය , හිරු එලිය නොලැබී යාමේ තත්වයක් මතුව තිබේ. 

සාමන්‍යයෙන් මෙවන් ඉදිකිරීමක් කිරීමේදී මහනගර සභාවේ නිලධාරීන් පැමිණ එම ඉදිකිරීමේ සැලැස්ම අනුමත කර යුතුය. එලෙස කෝට්ටේ මහනගර සභාවේ නිලධාරීන් පැමිණ සිදුකල පරීක්ෂාවේදී එම ඉදිකිරීම නවතා සුදුසු පියවර ගන්නයි ලිපියක් මගින් දන්වා තිබියදීත් කෝට්ටේ නගරාධිපතිවරයා වන ජනක රණවක විසින් අත්තනෝමතික ලෙස එම ජාත්‍යන්තර පාසල වෙනුවෙන් පෙනී සිටිමින් අනවසර ඉදිකිරීම සිදුකිරීමට සිය නිලබලය උපයෝගීකොට ගෙන උදව් සපයා ඇත. 

කෝට්ටේ මහනගර සභාවේ ආශිර්වාදයෙන් සිදුවන මෙම අනවසර ඉදිකිරීම පසුගියකාලයේ මාධ්‍යය මගින්ද හෙළිදරව් විය. මාධ්‍යය මගින් එම අනවසර ඉදිකිරීම ගැන හෙළිදරව් වීමේදී ජනක රණවක මාධ්‍යයට පවසා තිබුනේ යාබද නිවසේ පැමිණිලිකාරිය ඔහුවෙත පැමිණ එය ලිඛිතව ඉදිරිපත් කලයුතු බවයි. 

ඒ අනුව පසුගිය මස 29 වනදා එම පැමිණිලිකාරිය ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ ජනක රණවක විසින් එම පැමිණිලිකාරියට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනයකොට ඇත. මාධ්‍යය මගින් එම අනවසර ඉදිකිරීම ගැන සිදුවූ හෙළිදරව්ව පිලිබඳ කුපිතව සිට ඇති නගරාධිපතිවරයා එම හෙළිදරව්ව සිදු කල මාධ්‍යය ආයතනයටත් පැමිණිලිකාරියටත් බැන වදිමින් එම ස්ථානයේ ප්‍රකෝපකාරී අයුරින් හැසිරී ඇත. 

මෙයට පෙරද නගරාධිපති ජනක රණවකට මෙවන් චෝදනා එල්ලවී තිබිණි. 2011.10.01- 2012.9.30 අතර කාලයේදී නාවල කොස්වත්තේ පර්චස් 38.5ක් වූ ළමා උයනක් හා රුපියල් කෝටි 6 වටිනා එහි ක්‍රීඩා උපකරණ ජී.ඒ.ජොකින් නම් පුද්ගලයෙකුට විකිණීම සම්බන්ධව ජනක රණවකට එරෙහිව මේවනවිට නඩුවක් විභාග වෙමින් පවතී. 

මෙයට අමතරව ජනක රණවක "බ්ලුෆිල්ම් ජනක" ලෙස මහනගර සභාව තුල ප්‍රසිද්ධ වුයේ කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතාගේ රුව ඇතුලත් අසභ්‍යය ජයාරූප හා වීඩියෝ දර්ශන සෙසු නාගරික මන්ත්‍රීවරුන්ට පෙන්වමින් පහත් වින්දයක් ගැනීම හේතුවෙනි. 

එයින් සිදුවූ අපකීර්තියට කෝටි 20 ක් වන්දි මුදල් ඉල්ලා නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා කොළොඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment