පෝල් වෝකර් තැන ඔහුගේ මලනුවන්ට හිමිවේ

හදිසි අනතුරකින් මීට සති කිහිපයකට පෙර Fast and Furious චිත්‍රපට මාලාවෙන් ලොවපුරා ජනාදරයට පත් පෝල් වෝකර් තම සිනමාලෝලින්ට කදුලක් එක්කරමින් අප අතරින් සමුගනු ලැබුවා.

ඔහු මියයන විටත්, සුපිරි ආදායම් වාර්තා තබා තිබු Fast and Furious කතා මාලාවේ 7 වන කොටසේ සැලකිය යුතු ප්‍රමාණයක රූපගත කිරීම් ඔහුගේ සහභාගීත්වයෙන් අවසන්ව තිබුණා.

පෝල් වෝකර් ගේ හදිසි වියෝව සමග මෙම චිත්‍රපටයේ කටයුතු නවතා දැමීමට යන බවක්ද සති කිහිපයකට කලින් වාර්තා එම චිත්‍රපටයේ නිශ්පාදකයින් වන යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමාගම චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරිම ගැන ගැටලුවකට මුහුණපෑම නිසාය.

නමුත් දැන් එම සමාගමේ නිෂ්පාදන කණ්ඩායමේ අවධානය පෝල්ගේ හැඩරුවට සමාන හැඩරුවක් ඇති ඔහුගේ සොයුරු කොඩි වෝල්කර් (Cody Walker) යොදා ගනිමින් චිත්‍රපටයේ ඉතිරි රූගතකිරීම් අවසන් කිරීම සදහා අවදානය යොමුවී තිබෙනවා. පෝල්ට සහෝදරයින් දෙදෙනා වන්නේ කෝඩි සහ කැලෙබ්(Caleb) වේ.


මීට පෙර චිත්‍රපට සටන් රංගන ශිල්පියෙක් ලෙස චිත්‍රපට කිහිපයකට දායක වී ඇති කෝඩි තවමත් 25 වනවියේ පසුවන තරුණයෙක්. පෝල්ගේ අභාවය සැලවීමත් සමග නිෂ්පාදන කටයුතු අතරමග නතරකල යුනිවර්සල් සමාගම ඉදිරි කටයුතු කරගෙන යාම පිලිබඳ සාකච්ඡා ගනනාවක් සිදුකර ඇති අතර, එහිදි පෝල්ගේ හැඩරුවට සමාන හැඩරුවක් ඇති කෝඩිව යොදාගෙන ඉදිරි කටයුතු කිරිම යෝජනාවී ඇත.

එහිදී කෝඩිගේ පිටුපස දර්ශන සහ දුරට පෝල්ට අතිශය සමාන වනනිසා මුහුණ පෙනෙන දර්ශන පමනක් සජීවීකරණ තාක්ෂණයෙන් සකස්කිරීමට යොජනාවී ඇතිබව දැනගන්නට ලැබි ඇත. මෙම චිත්‍රපටය නිකුත්කිරීමට කලින් යෝජනාවී තිබුනේ 2014 ජූලි 11 වැනිදාටය.

කෝඩි වෝකර්ගේ ජායාරූප පහලින් බලන්න.






IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment