ජාතික ගීය යනකොට රනිල් කමිසේ අත නවනවා – Wimal Weerawansa ( Video)

ජාතික ගීයට ගරු නොකරන අසංවේදී නායකයින්ට රටට නායකත්වය දිය නොහැකි බව ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ආධාර පිරිනැමීමේ උත්සවයකදී ය.

" එක්සත් ජාතික පක්ෂයේ සමුළුව තිබ්බා ඊයේ පෙ‍‍රේදා හොදට ගොරවනවා ඒ සමුළුවේ නායකයෝ ටික, ජාතික ගීය යනකොට. හිටගෙන නිදි සමහරු. ඒ විතරක් නෙවෙයි, ජාතික ගීය නතර කරලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කළේ. කොහොමද රට ගැන තියෙන සංවේදිකම. ජාතික ගීය යනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කමිසේ අත නවනවා. දැන් අපිට ඉස්කෝලේදී කියලා තියෙන්නේ සීරුවෙන් හිටහන් කියලා ජාතික ගීය යනකොට. අපේ විපක්ෂ නායකතුමා සීරුවෙන් හිටගෙන අත්නවනවා කමිසේ. "


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment