රජ හොරු රජ කොපියක් !

සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ, රින්ගින්ටෝන් හා පැකේජ් සින්දු ක්‍රමයේ මහමොලකරු වන ඉවෝක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද රජහොරු චිත්‍රපටය "Hera Pheri" නම් හින්දි චිත්‍රපටයේ සම්පුර්ණ සිංහල පිටපතක් බව වාර්තා වේ. 

අලුත්ම කතා මාලාවක් ලෙසින් ලංකාවේ චිත්‍රපට ලෝලීන්ට එහි අධ්‍යක්ෂකවරයා විසින් එම චිත්‍රපටය පිලිබඳ හඳුන්වා දී ඇතිඅතර එය වෙනත් චිත්‍රපටයක ආභාෂය ගෙන ඇතිබවවත් සඳහන් කර නැත. කිසිදු මාධ්‍යවේදියෙකු විසින් මෙතක් එම පැනය අසා ද නොමැත. 

අක්ශේ කුමාර්, පරේෂ් රාවල්, සුනිල් ශෙට්ටි, හා තාබු "Hera Pheri" චිත්‍රපටයේ රංගනයෙන් දායක වන අතර රජහොරු චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලියන් ලෙසින් රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත්, බුද්ධික ජයරත්න හා හිමාලි සිරිවර්ධන රඟපෑම් වල නිරතවේ. 

අසීමිත බලාපොරොත්තු මැද ජීවත්වන තරුණයන් තිදෙනෙක් වටා චිත්‍රපටයේ කතා මාලාව ගෙතී ඇත. චිත්‍රපට දෙකෙහි ජායාරූප කිහිපයක් පහතින් බලන්න











IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment