වැට් බදු වැඩිවීම නිසා ෆැෂන් බග් ශාඛා දෙකක් වසා දමයි !

දැනටමත් දෙකක් වැහුවා 
ඉස්සරහට තව වහනවා

2014 වර්ෂය සඳහා ඉදිරිපත්වූ අයවැයෙන් වැට් බදු සහනයක් හිමිවුවත් ෆැෂන් බග් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයකට නොලැබීයාම හේතුවෙන් ෆැෂන් බග් ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම ගැටළුවක් බවට පත්ව තිබේ. 

පසුගියදා කටුබැද්ද ප්‍රදේශයේ ෆැෂන් බග් නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය විවෘත වුවත් තවත් ශාඛා දෙකක් වසා දැමීමට ඔවුන් කටයුතුකොට ඇත. ඔවුන්ගේ ශාඛා ජාලයට තවත් ශාඛා 25 ක් පමණ එකතු කිරීමට ඔවුන් සැලසුම් කලත් වැට් බදු හේතුවෙන් ඔවුන්ට තිබෙන ශාඛා ප්‍රමාණයත් අඩුකිරීමට සිදුව තිබෙනවා. 

ඒ සම්බන්ධව සති අන්ත පුවත්පතකට ෆැෂන් බග් ආයතනයේ සාමන්‍යාධිකාරි ආචාර්ය එස්.එච්.එම්. ෆරාස් හෙළිකොට තිබුනේ පහත පරිද්දෙනි. 

ඇත්තටම අපට විතරක් නෙවෙයි ක්ෂේත‍්‍රයේ සෑම කෙනෙකුටම බලපාන දෙයක් තමයි වැට් බද්ද. මෙවර එය මිලියන 500 සිට මිලියන 250 දක්වා අඩු කළත් අප ඇතුළු ආයතන කිහිපයකට එම තත්ත්වය අදාළ නොවන නිසා විශාල අපහසුතාවකට මුහුණදෙන්න අපට සිද්ධ වෙනවා. 

බදු සමතුලිත නොවීම තමයි මීට හේතුව. අපි වැඩිපුර වැට් බදු ගෙවද්දි අනෙකුත් ආයතනවලට අඩු බද්දක් තමයි මේ යටතේ ගෙවන්නට සිදුවෙන්නෙ. ඒ තරගයට අපට මුහුණ දෙන එක දුෂ්කරයි. ඒ නිසා අපට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. 

ඒ නිසා මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් විශාල තීරණයක් ගැනීමට අපට සිදුවී තිබෙන බව මතක් කළ යුතුයි. අපගේ වියදම් ඉහළ යනවිට ආයතනික පාඩුව පියවා ගැනීම වෙනුවෙනුත්, 1200කගේ පමණ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙනුත් අප ශාඛා ජාලයෙන් ශාඛා 2ක් දැනටමත් වසා දමන්නට අපි තීරණය කර අවසන්. තවත් ශාඛා කිහිපයක් ඉදිරියේදී වසා දමන්නට සිදුවේවි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment