යූ ටියුබ් වීඩියෝව නිසා සිපිරිගෙට ගිය ශ්‍රී ලාංකික තරුණයා

ශ්‍රී ලංකාවේ උපන් ඇමරිකානු ජාතික එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කල ශේසාන් කැසීම් නම් තරුණයෙකු විසින් නිෂ්පාදනය කල යූ ටියුබ් වීඩියෝවක් රාජ්‍යය ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් එරට අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අවුරුද්දක සිර දඬුවමක් සහ ඩිරාම් දසදහසක දඩ මුදලක් නියමකොට ඇතැයි වාර්තා වේ. 

තවමත් වයස අවරුදු 29 පසුවන ශේසාන් ව්‍යපාර සඳහා කළමනාකරණ සහය සපයන්නෙක් ලෙස සේවය කරන අතරතුරදී ඔහුගේ මිතුරන් හා එක්ව මෙම වීඩියෝව තනා ඇත. එම වීඩියෝවෙහි දැක්වෙන්නේ ඩුබායි හි සත්වා යන ප්‍රදේශයේ සිටින මැරයන්ගෙන් බේරීම සඳහා "සත්වා කම්බැට් ස්කුල්" නමින් පවත්වාගෙන යන සටන් පාසලක් පිලිබඳවය. 

මෙම සටන් පාසලේ අවි සඳහා යොදාගන්නේ එරට මුස්ලිම් ජාතිකයන් අතර ජනප්‍රිය ලෙදර් සෙරෙප්පු, මුස්ලිම් ජාතිකයන්ගේ හිස පලඳනා වටා දමන කළු පටිය (Agal) වැනි දෑය. 

මෙම වීඩියෝව තනා ඇත්තේ ශ්‍රී ලංකාවේ උපත ලද ශේසාන්, සහ අරාබි ජාතියන් දෙදෙනෙකු (එක් අයෙකු අලෙවිකරණ කළමණාකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ගුවන් සේවාවක සේවයේ නිරත වන්නෙකි).

ඔවුන් විසින් තැනු මෙම වීඩියෝව යූ ටියුබ් වෙත එක්කොට ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඔවුන්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. 

පොලීසිය විසින් ශේසාන් අත්අඩංගුවට ගත් වහාම ඔහුට අවස්ථා දෙකක් දී තිබේ. ඉන් පළමු වැන්න වනුයේ වහාම එම යූ ටියුබ් වීඩියෝව ඉවත් කරන ලෙසයි. එවිට ශේසාන් සිනාසෙමින් ඔවුන්ට පවසා ඇත්තේ " ඔයාලා කොහමද ඒක අයින් කරන්නේ..යූ ටියුබ් කියන්නේ ඇමරිකාවේ කම්පැනි එකක්නේ.." යනුවෙනි. 

ඉන් පසු ඔහුට අරාබි බාශාවෙන් ලියන ලද ලිපියක් දී එයට අත්සන තබන්නැයි පවසා ඇත. නමුත් එහි ඇත්තේ කුමක්දැයි නොදැනා නිසා ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් පසුව ඔහු සහ ඔහුගේ යහළුවන් මාස අටකට අධික කාලයක් සිරගතකොට තිබේ. 

ඔහුගේ නඩුව ඇසීමට දින නියම වුවත් එය පස් වරක් පමණ කල් ගොස් තිබේ. එම වීඩියෝව ට දායක වූ අරාබි ජාතිකයන් දෙදෙනා හට සමාව ලබා දීමට තීරණය කර ඇත. මෙම වීඩියෝව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිලිබඳ වැරදි චිත්‍රයක් ගොඩනගන බව පවසමින් එරට රජය එම ක්‍රියාමාර්ගය ගෙන තිබුණි. 

නමුත් වීඩියෝවේ ආරම්භයේ දක්වා තිබුනේ මෙවන් වදනකි 

මුස්ලිම් ජාතිකයන් අතර ජනප්‍රිය ලෙදර් සෙරෙප්පු

මුස්ලිම් ජාතිකයන්ගේ හිස පලඳනා වටා දමන කළු පටිය (Agal) 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment