මත්තල ප්‍රමෝට් කරන්නේ බැසිල්ගේ මූණ දාලා

සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් බැසිල් රාජපක්ෂගේ රුව සහිතව පල කළ දැන්වීමක් පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇතිවුණා.

අනුරකුමාර මංත්‍රීවරයා අසා සිටියේ එක් එක් පුද්ගලයන්ගේ චරිත ඉස්සීම වෙනුවෙන් පාඩු ලබන ආයතනයකින් මහජනයාගේ මුදල් වැයකිරීම සාධාරණ ද යන්නයි.

ඒ පිළිබඳව ගුවන්සේවා ඇමතිවරයා පැවසුවේ "බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමා අපේ අමාත්‍යාංශයට ගොඩක් උදව් කරලා තියනවා, ඒ නිසා බැසිල්ගේ මූණ දැම්මා" කියාය.


ගුවන්සේවා ඇමති: මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල විවෘත කිරීම පිළිබඳව මහජනතාව දැනුවත්කිරීමේ අරමුණ ඇතිව පළකළේ.

අනුරකුමාර: නමුත් එම දැන්වීමේ කිසිදු තැනක ගුවන් තොටුපළ නෑ. නමුත් එම දැන්වීමේ තිබුණේ ගරු බැසිල් රාජපක්ෂ අමාත්යවරයා. එතකොට අමාත්‍යවරයයි මත්තලයි අතර සම්බන්ධය මොකක්ද?

ගුවන්සේවා ඇමති: මෙම දැන්වීමේ මත්තල කුළුන අපි ප්‍රදර්ශනය කරලා තියනවා

අනුරකුමාර: එතුමා මත්තල සම්බන්ධකරගත්තට මේ දැන්වීම දැම්මේ ඊට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ අමාත්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකධූරයෙන් පිදුම් ලැබුවේ. ඒක නිසයි තමුන්නාන්සේ මේ දැන්වීම පල කරන්නේ. මේ එක් එක් පුද්ගලයන්ගේ චරිත ඉස්සීම වෙනුවෙන් මහජනයාගේ මුදල් වැයකිරීම සාධාරණද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.

ගුවන්සේවා ඇමති: මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනුවෙන් තමයි ඒ දැන්වීම පල කලේ, ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ ජනප්‍රිය චරිතයක් හැටියට.

අනුරකුමාර: කතානායක: ඒ දැන්වීමේ පිටපතක් තියනවද?

ගුවන්සේවා ඇමති: චරිතයක් හැටියට ආකර්ෂණය සඳහා ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ජායාරූපයක් පල කළේ.

අනුරකුමාර: කතානායකතුමනි, සබන් විකුනන්න ජනප්‍රිය නළු නිළියන්ගේ ජායාරූප තියන දැන්වීම දානවා. දත්බෙහෙත් විකුණන්න ඒ විදිහට දැන්වීම් දානවා. ඒ විදිහට මත්තල ගුවන්තොටුපල විකිණීම සඳහා ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දැන්වීම් දාන බවද ඔබතුමා කියන්නේ?

ගුවන්සේවා ඇමති: බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමා අපේ අමාත්‍යාංශයට ගොඩක් උදව් කරලා තියනවා. කෘතවේදීභාවයට ඒක කළේ.

කතානායක: මත්තල ගුවන් තොටුපළ පිළිබඳ මෙම දැන්වීමේදී මාව අමතක වුන එක ගැන කණගාටු වෙනවා


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment