හිල්ටන් හෝටලයේ VIP සාදයේ වේදිකාව කඩා වැටේ!

2013 වසරේ අවසන් දින වූ රාත්‍රී කොළඹ හිල්ටන් හෝටලයේ Cantaloupe Playground නමැති සංවිධානය විසින් සංවිධානය කරන ලද අලුත් අවරුදු සාදයකදී එයට සූදානම්කොට තිබූ වේදිකාව කඩා වැටීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. 

මෙම VIP සාදයට ජනාධිපතිවරයාගේ එක් පුත්‍රයෙකුද සහභාගී වී ඇත. අලුත් අවරුදු උදාවත් සමග මෙම සිදුවීම සිදුවී ඇති අතර ඒ අනුව වේදිකාව මත සිටි පිරිසට අලුත් අවරුදු උදාවත් සමග අත්, පා කැඩී තුවලා ලබා වේදනාවෙන් සිටින්නට සිදුවූ බව වාර්තා විනි. 

එම අවස්ථාවේදී බොහෝ පිරිස් අත මත්පැන් බෝඅතල් හා වීදුරු තිබී ඇතිඅතර ඒවා බිඳීමෙන් සහ එම සුන්බුන් අතරට වැටීමෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත. මෙම සිදුවෙමෙන් අනතුරුව එම සාදය සංවිධානය කල ආයතනය හෝ හිල්ටන් හෝටලයේ සේවක පිරිස් තුවාල වූ පිරිස සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව වාර්තාවේ. 

සංවිධායකවරුන් විසින් වේදිකාව කඩා වැටීමෙන් පසු බිම වැටුණු නොබිඳුණු මත්පැන් බෝතල් සොයා ඇති අතර අසාධ්‍යය තත්වයේ පසුවූ පිරිස එම ස්ථානයෙන් ඉවතට ගැනීමෙන් තොරව ඔවුන් දැනුම් දී ඇත්තේ එම ස්ථානයෙන් ඉවත් වුවහොත් සාදය නැවතත් ආරම්භ කල හැකි බවය. 

හිල්ටන් හෝටලේ සේවකයන් මෙම සිදුවීම නුදුටු සේ එලිමහණෙ සිගරට් බොමින් කාලය ගතකර ඇතිඅතර රෝගීන් රෝහල වෙත ගෙන යාම සඳහා හෝටලය සතු මෝටර් රථයක් ලබාදීමට තරම්වත් කාරුණික වී නොමැත. 

ඒ අනුව තුවාල ලැබූ පිරිසට ගිලන්රථ පැමිණෙන තෙක්ම බලාසිටීම සිදුව ඇත. එම තුවාලකරුවන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරුන් විසින් එම වාට්ටුව එදින රාත්‍රියේ හඳුන්වා ඇත්තේ "හිල්ටන් වෝඩ්" ඒක ලෙසය. 

එම උත්සවයේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment