පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වෙනුවෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ ස්ථාපිත කරණු ලැබූ චෝගම් සත්වෝද්‍යානයට සතුන් රැගෙන ගියේ දෙහිවල සත්වෝද්‍යානයෙනි.
එලෙස චෝගම් ගිය ඇතැම් සතුන් හට සුබ පල උදාවී වී ඇති බවත්, තවත් කොටසකට මාරක අපල ලබා ඇති බවත් දැනගන්නට තිබේ. තවත් සතුන් මාරකයන්ගෙන් අනූ නවයෙන් ගැලවී තිබේ.
රැගෙන ගිය රැගෙන පක්ෂීන් 20කට අධික ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක අපල ගෙවී තිබේ. ඒ කුරුල්ලක් ප්‍රමාණයෙන් බාගයක්ම ඉගිල ගොස් ඇති නිසාය.
නමුත් රැගෙන ගිය මුවන් 13 දෙනාගෙන් 4 දෙනෙකු මියගොස් ඇත. ඊට අමතරව මොනරෙකු හා රාජාලියෙකුද මියගොස් ඇති සතුන් අතර වේ.
ඇඳි අලවා නම් පක්ෂියෙකු ජනකලා කේන්ද්‍ර කැලෑ රොදේ නිදැල්ලේ හැසිරෙන සතෙකුගේ ග්‍රහණයට හසුව පාදයක් අහිමිව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් ඇති අතර ප්‍රතිකාර කලද එය සාර්ථක වී නැහැ.
එබැවින් එම සතාගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇත. එම පක්ෂියා තනි කකුලෙන් නැඟිටීමට වෙරදරන නමුත් නැඟී සිටීමට බැරිව වැතිර සිටියි.
රැගෙන ගිය බොහෝ පක්ෂීන්ට ඉගිල යාමට බැරි වන පරිදි පිහාටු වලට ක්ලිප් ගසා තිබුණි. ඉහත පක්ෂියා අනතුරට පත්වූයේ එම හේතුවෙනි.
රැගෙන ආ මුවන් දෙදෙනකු ද ජනකලා කේන්ද්‍ර භූමියේ තිබූ කානුවකින් රිංගා ගොස් තිබූ අතර නාවික හමුදා බෝට්‌ටු මගින් දියවන්නා ඔයේ පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේදී අල්ලාගන්නා ලදි. රැගෙන ගිය අලි දම්වැල් දමා බැඳ තිබූඋ නිසා තුවාල වී ලේ ගලනු දක්නට ලැබුණි.
සත්වෝද්‍යාන පාලකයින් විසින් දේශපාලඥයන් සතුටු කිරීමට චෝගම් සත්වෝද්‍යානය ඉදි කලද එය කිසිදු නායකයෙකුගේ පැසසුමට ලක්වී නැහැ.

Put the internet to work for you.
Post a Comment