
එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ඇය පසුගිය සති අන්තයේ පළවූ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා ඇත්තේ තමා සමග සිටින එම තරුණයා ඇයගේ පෙම්වතා නොවන බවය.
ඔහු තමාට ඉතාම හිතවත් තරුණයෙක් පමණක් බවත් ඒ හේතුවෙන් සමීපව සිට ජයාරූප ගත්බවත් ඇය එම පුවත්පතට හෙළිකොට තිබුණි.
හෂිනි පිලිබඳ අදහසක් ලංකාවේ සිටින ප්‍රසිද්ධ කඩවසම් නළුවෙකුට තිබු බවත් , එම නළුවා ඒ කාලයේ තමන්ගෙන් කැමැත්ත නොවිමසුවේ තමා දුෂ්‍යන්ත් සමග සම්බන්ධතාවයක් තිබු බවට පැතිර තිබු කට කතාවක් හේතුව නිසාවෙන් බවද ඇය එම පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.
නමුත් පසුගියදා එම කඩවසම් නළුවා හෂිනි හට සිය අදහස ප්‍රකාශ කර ඇතත් හෂිනි එය ප්‍රතික්ෂේපකොට තිබුනේ පසුගිය කාලයේ එම නළුවා රඟපෑ චිත්‍රපටයක නිළියක සමග පෙම් සම්බන්ධතාවයක් ඇතිබවට පළවූ පුවතක් හේතුවෙන් නිසා බව වාර්තා වේ.
යාළුවෙක් විතරයි - හෂිනි

Put the internet to work for you.
Post a Comment