පාකිස්තානයේ කුඩු රජාගේ දුරකථනයේ මෙරට විසිදෙනකුගේ අංක

පාකිස්තානයේ සිට ග්‍රීස් ටින්වල බහා මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 269ක් රැගෙන ආ පාකිස්තානු ආරක්ෂක අංශ භාරයේ සිටින මෙහි ප්‍රධාන සැකකරු වන සර්දාරිගේ ජංගම දුරකථනයේ තිබි මෙරට පුද්ගලයන් 20 දෙනකුගේ දුරකථන අංක සොයා ගැනීමට පාකිස්තානු ‍පොලිසියට හැකි වී තිබේ.

එම දුරකථන අංක මේ වන විට මෙරටට පැමිණි පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දී ඇති බව ‍පොලිස් මූලස්ථානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'රිවිර'ට පැවසීය.කෙසේ වෙතත් සර්දාරි දුරකථන ඇමතුම් ලබාගත් පුද්ගලයන් 20 දෙනාගෙන් 10 දෙනකුගේ දුරකථන අංක දැනටමත් අක්‍රිය කොට ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එහෙත් ක්‍රියාත්මක වන හෝ නොවන ඕනෑම දුරකථන අංකයක් පිළිබඳ සොයා බලා අදාළ පුද්ගලයන්ගේ ප්‍රකාශ ලබා ගැනීමටත් අනෙකුත් අය අත්අඩංගුවට ගැනීමටත් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.එමෙන්ම මෙම කුඩු ජාවාරමේ ප්‍රධානියා වන සර්දාරි මෙරටට ගෙන්වීම සඳහා තවමත් පාකිස්තානු ‍පොලිසියේ සහ එරට රජයේ කැමැත්ත පළවී නොමැති බව සඳහන් වේ. මෙම සැකකරු 1963 මාර්තු 21 වැනි දා උපන් අයකු බව සඳහන් වේ. මොහු සර්දාර් මොහොමඩ් අසාද් කාන් ලෙස හඳුන්වනු ලබයි.


සර්දාර් ශ්‍රී ලංකාවට හෙරොයින් එවීමට පෙර මෙවැනිම ග්‍රීස් ටින් ඇතුළත් කන්ටේනර් 02ක් කුවේටයට යවා තිබේ. එම කන්ටේනර් තුළ ද කුඩු තිබෙන්නට ඇතැයි ‍පොලිසිය සැක කරයි.එසේම මෙම කුඩු කන්ටේනරය පාකිස්තානයේ සිට මෙරටට ගෙන ආ බවට තොරතුරු ලැබුණත් කන්ටේනරයට කුඩු පටවා ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් බව මේ වන විට අනාවරණය වී ඇත.

එපමණක් නොව මෙම කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් පසුගිය දා පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් ඇතුළු පිරිසකගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත.එසේම දැනට ශ්‍රී ලංකාවේ සිටින ජමාල්ගේ දුරකථනයේ ඡායාරූප ගබඩාවේ තිබි ශ්‍රී ලංකාවේ ඇතැම් අය සමග ගත් ඡායාරූප රැසක් ද ‍පොලිසිය විසින් සොයාගෙන ඇති බව එම ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගයාන් ගාල්ලගේ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment