බදුරලිය රෝහල් ගැටළුවේ ඇත්ත කතාව

ප්‍රදේශයේ ජනතාව විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් නිසා දිස්ත්‍රික් වෙද්‍යවරයා ඇතුළුව හෙද හෙදියන් විසින් බදුරලිය රෝහලේ ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අද වනවිට දින 06ක් ගතවී තිබේ. 

මෙම වැඩ වර්ජනයට හේතුව වන්නේ එහි සිටි දිස්ත්‍රික් වෙද්‍යවරයා හට රෝගියෙකුගේ පුතෙකු විසින් කරන ලද තර්ජනයක් හා බදුරලිය රෝහලට මිනීමැරුම් චෝදනා එල්ල කිරීමය. 

අප වෙත වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. 


නිධාන කතාව
බදුරලිය ප්‍රදේශයේ පුතුන් දෙදෙනෙකු සිය පියා සමග මත්පැන් ගනිමින් සිටියදී පියාට එකවර අසනීප වී ඇත. අසනීප වූ පියා පුතුන් දෙදෙනා විසින් බදුරලිය රෝහලට ගෙනැවිත් ඇතිඅතර එම අවස්ථාවේ දිස්ත්‍රික් වෙද්‍යවරයා එහි සේවයේ නිරත වී සිට නොමැත. දිස්ත්‍රික් වෙද්‍යවරයා නැවත පැමිණියත් පැමිණි රෝගියා බැලීමට උත්සක වී නොමතිඅතර එයින් කෝපයට පත් එක් පුතෙකු දිස්ත්‍රික් වෙද්‍යවරයා වෙත බැන වැදී තර්ජනයකොට ඇත. 

එයින් කලබලයට පත් වූ දිස්ත්‍රික් වෙද්‍යවරයා විසින් එම සිදුවීම සම්බන්ධව බදුරලිය පොලීසියට දැනුම් දී ඇත. ඉන් අනතුරුව බදුරලිය පොලිසියෙන් පැමිණ දිස්ත්‍රික් වෙද්‍යවරයාට තර්ජනය කල පුතුට පහරදී ඇත. මේ අතර ඒ අසල සිට මේ සියලු සිදුවීම් දෙස බලා සිටි රෝගියා හෘදයාබාධයකින් මියගොස් ඇත. 

ඉන් අනතුරුව එම අවට ප්‍රදේශවාසීන්ද එක්ව දිස්ත්‍රික් වෙද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට විරෝධය පා උද්ඝෝෂනය ආරම්භ කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිස්ත්‍රික් වෛද්‍යවරයා ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩලය රෝහලේ සියලුම අංශයන් වසා යතුරු භාරදී පිටව ගොස් ඇත. මේ අතර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි නන්ද කුමාර මහතා ලබන වසරේ සිට ස්ථාන මාරුවක්ද ලබාගෙන සිටී. 

23 වනදා විට තත්වය 
වර්ජනය සමථයකට පත් කිරීම සඳහා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බස්නහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අමල් හර්ෂ ද සිල්වා, බදුරලිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර සහ දිස්ත්‍රික් වෛද්‍යවරයා වර්ජකයන් සමඟ කරන ලද සාකච්ඡාවේදී සඳුදා සිට සේවයට වාර්තා කොට රෝහල යළි විවෘත කිරීමට එකඟ විය. 

ඉහත සාකච්ඡාවේදී රෝහල් විවෘත කර යළි රෝගීන් හට ප්‍රතිකාර කිරීමට නම් උද්ඝෝෂකයන් බදුරලිය නගරයේදී සමාව ඉල්ලා දැන්වීම් ප්‍රසිද්ධ කොට රෝහල් බලධාරීන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට රෝහල් බලධාරීන් දැඩිව ප්‍රකාශ කර ඇත. 

24 වනදා විට තත්වය 
රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමාව ගැනීමට උද්ඝෝෂකයන් අකමැති වූ හෙයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක විය 25 දින තත්වය බදුරලිය රෝහල වහා විවෘත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ එජාප ප්‍රා. සභා මන්ත්‍රීවරු තිදෙනෙක් දහවල් 11.45 සිට උපවාසයක් ආරම්භ කර ඇත. 

බදුරලිය නගර මධ්‍යයේ ලොරියක තට්ටුවක් උඩ නැගී මන්ත්‍රීවරයා සමග මෙසේ උපවාසයේ නිරත වී සිටිනුයේ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් වන උදය ගාමිණී, සුජිත් පැලවත්ත යන දෙදෙනා සහ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලිප් කුමාර් පිටිගල යන තිදෙනාය. උපවාසයට සහයෝගයට කළුතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා ද සවස් වරුවේ එයට සහභාගී වී තිබුණි. 

කළුතර ‍පොලිස් අධිකාරි රොෂාන් සිල්වා , ඒ.එස්.පී සුනිල් ජයරත්න, ඩී.අයි.ජී සුමිත් එදිරිසිංහ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණ ඇතිඅතර සුමිත් එදිරිසිංහ බීමතින් ඒ අවට සිටි පිරිසට එලව එලවා පහර දී ඇත. 

පහරදීමෙන් නොනැවතුණු ඔහු අසල නිවසකට පැන එහි සිටි නිවැසියන්ටද පහරදී ඇත. එම නිවසේ සිටි කුඩා දරුවෙකු මේවනවිට සිටින්නේ දැඩිසත්කාර ඒකකයේය. මෙම පහරදීම් දුටු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලිප් කුමාර් පිටිගල හට හෘදාබාධයක් සෑදී රෝහල් ගතකොට ඇත. 

විමල් වීරවංශ ගේ උපවාස මෙන් කඩාකප්පල් වැන්න නොදී දැඩි ලෙස තම අරමුණු ඉටුවන තුරු උපවාස කිරීමේ අදහසින් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා විසින් සිය අතට දම්වැලක් සවිකොට එහි අනෙක් කෙලවර ඔහු සිටින ලොරි තට්ටුවේ ගැට ගසා මාංචු දමා ඇත. 

26 වනදා විටතත්වය 
පොලීසියේ 200 ක් පමණද,ජීප් රථ 15 ක් පමණද යොදා ආරක්ෂාව ලබාදී ඇත

එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න 

















IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment