ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු වලින් ගාල්ලේ රිච්මන්ඩ්, මාතර රාහුල හැලෙයි!

මේ වසරේ පැවැත්වුණු පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මත 2014 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීම සඳහා පාසැල්වල කඩඉම් ලකුණු සීමාව ඊයේ දිනයේ (17) නිකුත් කරන ලදී. 

ඒ අනුව වැඩිම කඩඉම් ලකුණු සංඛ්‍යාව 186 ක් ලැබී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ විශාඛා බාලිකා විද්‍යාලය යි. කඩඉම් නාම ලේඛනය බැලීමේදී එහි දිවයිනේ ප්‍රධාන පාසල් කිහිපයක්ම නොමැති බව අප වෙත වාර්තා විය. 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, සහ තවත් පාසල් කිහිපයක්ම ඒ අතර ප්‍රධාන වේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම පාසල් වල හය වසර සඳහා සීමිත ළමුන් ප්‍රමාණයකට පමණක් ඉඩකඩ තිබීමය. 

ඒ අනුව එම සීමිත ළමුන් ප්‍රමාණයට කඩඉම් ලකුණු ගණනය කළහොත් 200 ට ආසන්නයේ ලකුණු සංඛ්‍යාවක් වුවත් ලැබීමේ සම්භාවිතාවයක් පවතී. මෙසේ දිවයිනේ ප්‍රධානම පාසල් පමණක් මෙසේ කඩඉම් ලැයිස්තුවෙන් හැලී ඇත්තේ එම පාසල්වලට පළමු වසරට ළමුන් ඇතුලත් කරගැනීමෙන් පසු දේශපාලඥයන්ගේ බලපෑම් මත ඔවුන් ගේ ළමුන් හා ඔවුන්ගේ හිතවතුන්ගේ ළමුන් දෙක වසරට හෝ තුන වසරට ඇතුලත් කර තිබීමයි. 

ඒ හේතුවෙන් පහ වසර වනවිට පන්තියක සිටිය හැකි උපරිම ළමුන් සංඛ්‍යාව එම පාසලේ ඉගෙනුම ලබමින් සිටී. මෙයට විසඳුමක් ලෙස එම පාසල්වල ශිෂ්‍යත්වයෙන් පැමිණෙන ළමුන් සඳහා විශේෂ පන්තියක් එම පාසල්වල ආරම්භ කිරීමට ඉදිරියේදී යෝජනා වුවහොත් එය පිලිබඳ පුදුම වියයුතු නැත. 

කඩඉම් ලේඛනය බලන්න මෙතනින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment