President declared open the 'Sethsuwa Medura' සෙත්සුව මැදුර විවෘත වෙයි.

වස විසෙන් තොර ආහාර වේලක් සැපයීම වෙනුවෙන් කැපවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.ජනාධිපතිතුමා එම ඉල්ලීම සිදු කළේ, කොළඹ සම්බෝධි විහාරයේ ඊයේ පැවති උත්සවයකදී ය.

කොළඹ 7 සම්බෝධි විහාරයේ සෙත්සුව මැදුර සුරක්ෂිත ආහාර මධ්‍යස්ථානය ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සම්බෝධි විහාරාධිපති හිමියන්‍ එක් ව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය යටතේ සහන මිලට දේශීය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පහසුකම් සලසා තිබේ.

මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ, යුද්ධය අවසන්කර රට ආර්ථික වශයෙන් ගොඩනගන මොහොතේ වස විසෙන් තොර දේශීය ආහාර වේලක් ජනතාවට හඳුන්වා දීමේ යුගය එළඹෙමින් තිබෙන බව ය. ජාතියට නිරෝගී දිවියක් උරුමකර දීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සකස් කළ යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිතුමාට භාර දුන්නේ ය.

සෑම ඉරිදාවකම විවෘත වන සෙත්සුව මැදුර සුරක්ෂිත අහාර මධ්‍යස්ථානය තුළින් ජනාතාවට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාගත හැකි අතර බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍ය සායනයක් ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක කර තිබේ.


Aimed at providing the people of Sri Lanka with food free of toxins or chemicals, "Seth-Suwa Medura" the Safe Food Outlet launched by the Government Medical Officers' Association (GMOA) together with the Sri Sambodhi Viharaya, Colombo – 07, was declared open by the President Mahinda Rajapaksa at Sambodhi Viharaya on Sunday (December 29). The President also launched the www.healthysrilanka.lk a website by the GMOA, to educate the general public regarding food safety.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment