නත්තල් දා පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන තෑග්ගක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට පකිස්ථානය ඊයේ සමත් විය.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි හතරවන එක්දින තරගයත් කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 1 ක් ජයගෙන පකිස්ථානය ඉදිරියෙන් සිටී.අශාන් ප්‍රියන්ජන සහ කිත්රුවන් විතානගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය.අබුඩාබිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 225ක් පමණි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 41යි පන්දු 1කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.කුමාර් සංගක්කාර සහ අශාන් ප්‍රියන්ජන එක්ව හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.

සංගක්කාර ලකුණු 51කට දුවද්දී දැවි ගියේය.සිය මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදීම අශාන් ප්‍රියන්ජන මංගල අර්ධ ශතකය ලබා ගැනීම විශේෂත්වයකි.අශාන් ලකුණු 74ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 10ක් ඇතුලත් විය.තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ කිත්රුවන් විතානගේ ද පන්දු 26කදී ලකුණු 27ක් ලබා ගත්තේය.


ඊට හතරේ පහර 4ක් ඇතුලත් විය.සයිඩ් අජ්මාල් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමේදි පකිස්ථානයේ මොහොමඩ් හෆීස් සහ සෝහිබ් මක්සුඩ් එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.හෆීස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කළේය.

ඔහු නොදැවී ලකුණු 113ක් ලබා ගත් අතර සෝහිබ් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය.ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.පකිස්ථානයේ මොහොමඩ් හෆීස්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

දෙරට අතර 5වන සහ අවසන් එක්දින තරගය හෙට අබුඩාබිහිදී පැවැත්විමට නියමිත ය.





Mohammad Hafeez notched his third hundred of the series while off-spinner Saeed Ajmal grabbed four wickets to help Pakistan beat Sri Lanka by eight wickets in the fourth one-day international on Wednesday.

Hafeez finished with 113 not out for his ninth one-day hundred as Pakistan knocked off their modest 226-run target in the 42nd over to take an unbeatable 3-1 lead ahead of Friday's fifth and final match.

Pakistan had restricted Sri Lanka to 225 all out in 48.5 overs with Ajmal (4-39) and paceman Umar Gul (3-37) sharing the spoils.

Hafeez, who hit hundreds in Pakistan's two wins in the first and third matches in Sharjah, pushed Tillakaratne Dilshan for his 12th boundary to complete three figures, raising his bat and blowing a kiss to his wife in the stands.

Hafeez became the sixth batsman in all one-day cricket to hit three tons in one bilateral series.

In all Hafeez hit two sixes and 12 boundaries off 119 balls, while Sohaib Maqsood finished with a 56-ball 46 not out with a six and four boundaries.

Hafeez and Ahmed Shehzad (44) put Pakistan on track during a solid 84-run stand after opener Sharjeel Khan was dismissed for 13.

Shehzad, who hit a career best 124 in Pakistan's two-wicket loss in the second match in Dubai, started off well with three boundaries in Nuwan Kulasekara's third over while Hafeez matched his partner with as many boundaries in Suranga Lakmal's seventh.

The stand set up victory and even after Shehzad's dismissal, caught in the slips off Lakmal, Pakistan wiped off the target with consummate ease.

Shehzad hit five boundaries during his 56-ball knock as Sri Lanka's bowlers were rendered ineffective.

Maqsood and Hafeez shared an unbroken 111-run stand for the third wicket.

This becomes Pakistan's seventh one-day series win in the year -- their best-ever in a calendar year, beating the six series win record achieved in 2011. - AFP

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment