පුතුගේ ලොරියට මව බිලි !

බිංගිරිය පොලිස් බල ප්‍රදේශයේ පානවැව ග්‍රාමයේදී ඊයේ (22) පෙරවරු 10.30 ට පමණ සිය වැඩිමල් පුතු පැදවූ ලොරි රථයට යටවීමෙන් අවුරුදු 82ක් වයසැති මාතාවක් මරුමුවට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තාවේ.

වත්තේ කඩන ලද පොල් මව සමඟ ඇහිදීමෙන් පසුව ‍ෙලාරි රථයට පොල් පැටවීම සඳහා ලොරි රථය පිටුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පානවැව පදිංචිව සිටි කේ. විනිප්‍රීඩා පෙරේරා නැමැති දෙදරු මවකි. ලොරි රථය ධාවනය කළ මියගිය කාන්තාවගේ වැඩිමල් පුත්‍රයා වන එච්. ඒ. ප්‍රීටස් නෙවිල් රෝයි (52) යන අය බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මියගිය කාන්තාවගේ දේහය හලාවත මූලික රෝහලට යවා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය. බිංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි. එම්. ජගත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.‍

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment