
නමුත් මෙතෙක් කල් නලින් සමග සහයෝගයෙන් අන්ප්ලග් සංගීත් ප්‍රසංග පැවැත්වූ රනිල්, මෙලෙස හදිසියේම චෝදනා එල්ලකිරීම පිටුපස ඇත්තේ යූ ටියුබ් කමෙන්ටුවක් බවය.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන දිලීප මංගල විසින් රනිල් මල්ලවආරච්චිගේ පුතු වන පවන් විසින් නව සංගීතය යොදා ඉංග්‍රීසි බසින් ගායනය කරන ලද "එදා රෑ" යූ ටියුබ් වීඩියෝවට (එම වීඩියෝව මේවන විට ඉවත්කොට ඇත) දිලීප විසින් යොදන ලද ප්‍රතිචාරය රනිල්ගේ අමනාපයට හේතුවී ඇත.
මේ හේතුව මත ගොඩනැගුනු අමනාපය හේතුවෙන් රනිල් මල්ලවආරච්චි විසින් සිය පියාගේ ගීත මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මුදල් නොගෙවා ගායනා කිරීමත්, එසේ මුදල් නොගෙවා ගායනාකොට මුදල් ගෙවා එම ගීත ගායනා කලේ යැයි ප්‍රචාරය කිරීමත් සම්බන්ධව නීතිමය ක්‍රියාමර්ග ගැනීමට සුදානමින් පසුවේ.
මේ පිලිබඳ අප කල විමසීමකදී නලීන් පෙරේරා අප වෙත දන්වා සිටියේ සියලු ප්‍රසංග සඳහා රනිල්ට මුදල් ගෙවා ඇති බවත් එහි රිසිට් පත් ඇතුළු සාක්ෂි තමා සතු බවත් යනුවෙනි.
නලින් පෙරේරා තිස්තුන්දාහ වෙත දැක්වූ අදහස් පහතින් බලන්න
කමෙන්ට් එක තමා වැඩේ !
කමෙන්ට් එකෙන් තමයි වැඩේ වෙලා තියෙන්නේ..වැඩේ වෙලා තියෙන්නේ මම කලාකරුවෙක් හැටියට මටත් ඕන තරම් බෑඩ් කමෙන්ට්ස් තියෙනවා ෆේස් බුක් එකේ..අම්බානකට තියෙනවා බැනලා..ඒවා අපි විඳගන්න ඕන..පබ්ලික් ඕඩියන්ස් එකට ඕවා දාපුවාම හොඳයි නරකයි දෙකම ගන්න ඕන...
දැන් අපේ බෑන්ඩ් එකේ කීබෝඩිස්ට් දාපු කමෙන්ට් එක රනිල් ඕක ලොකුවට අරගෙන තරහ පිරිමහන්න ගත්තා..හැබැයි ඉතින් තරහ පිරිමහන එක මට ගැටළුවක් නැහැ..චෝදනාව මට පිළිගන්න බැහැ අනවසරයෙන් සින්දු කිව්වා කියලා..අපි ඔය හැත්තාව දහස්කයේ කොන්සර්ට් කරපුවා සමහර ඒවා කලේ ඉස්කෝල වලි ඕ.බී වලින් කරේ.
රනිල් අන්ප්ලග් විදියට හදල දෙන්න කියල සින්දු 22 ක් එව්වා
ඒ අය ගෙවපු ස්ලිප් අපිට එවල තියෙනවා..රනිල්ගෙයි මගෙයි හිතවත්කම ලොකු තැනක තියෙන්නේ..රනිල් මට සින්දු 22 ක් එව්වා.."අන්ප්ලග් විදියට මියුසික් ට්‍රැක්ස් කරපන් මචන් මම ලංකාවට අවාම වොයිස් කරන්නම් කියලා" ඒ ඊමේල් එකෙත් මම කොපියක් ගත්තා..මම දැක්කා එයාගේ අම්මත් ස්ටේට්මෙන්ට් එකක් දාල තිබ්බ රසඳුන පත්තරේ..
ස්වර්ණා අක්ක දන්නේ නැතුව ඇති රනිල් ගත්ත සල්ලි ගැන
ඒක දැක්කම මට දුකක් හිතේ තියෙන්නේ මාව දාල කාතා කරපු තැන..ජීවත් වෙන්න අමාරු නම් එයාලගෙන් සල්ලි ඉල්ලන්න කියල තිබුනා..මොකද මට පෙන්නේ ස්වර්ණ අක්ක , රනිල් සල්ලි ගත්ත විදිය ස්වර්ණා අක්ක දන්නෙත් නැතුව ඇති..රනිල් ලංකාවට ඇවිල්ලනේ මේක කලේ...මගේ ළඟ දත්ත තියෙන හින්දා කල බල උනේ නැහැ..මම දන්නවා මේක නිකන් කෝප වීමක් නිසා සිද්දවෙච්ච ක්‍රියාවක්..
සමහර අවස්ථාවල රනිල් සල්ලි ගත්තේ නැහැ
මමත් එකඟයි අනවසරෙන් සින්දු කීම සම්පුර්නෙන් තහනම්..රනිල් හැබැයි අවස්තාවක දෙකක සල්ලි අවශ්‍ය නැහැ මචන් උඹලා කියපන් කියපු අවස්ථා දෙකක් තිබා..එකක් තමයි පේරාදෙණිය කැම්පස් එකේ කියපු ප්‍රසංගයක්..
රනිල්ගේ ක්‍රියාව මගේ කීර්තිනාමයට හානියක්
මේ පත්තරේ ගිය දෙයින් මගේ කීර්ති නාමයට ලොකු හානියක් වෙලා තියෙනවා..නඩු මාර්ගයට බහිනවා කියන එකේ දෙපාර්ශවයටම අයිතිය තියෙනවානේ. තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී හිටින්න..මම සම්පුර්ණයෙන් දන්නවා මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගීත වල සම්පුර්ණ අයිතිය තියෙන්නේ එයාගේ බිරිඳට සහ පුතාට..අනිත් දෙයක් කරන්න කියන්න පෙර ගොඩක් හිතන්න ඕන..රනිල් කියන්නේ මට වඩා බාල කෙනෙක්..නමුත් මට මචන් කියලා කියන්නේ...එකේ ගැටළුවක් නැහැ..මම හිතන්නේ රනිල් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන..
මිල්ටන් අන්ප්ලග් ෂෝ එක කලේ කා එක්කද?
එතකොට රනිල්ගෙන් මම අහන්නේ..එතකොට රනිල් එක්ක මිල්ටන් මල්ලවආරච්චි ප්‍රසංගය අපි පැවැත්වුවේ අපි තනියමද? ආනන්ද කොලේජ් ඔඩිටෝරියම් එකේ, කුලරත්න හෝල් එකේ , මිල්ටන් අන්ප්ලග් එක මුලින්ම පටන් ගත්තේ මේරියන්ස් නුයි රනිලුයි එකතු වෙලා..රනිල් සින්දු 15 ක් කිව්වා..මේරියන්ස් සින්දු පහළොවක් කිවා..එතකොට එයාගේ නෝනා සහ දරුපවුල මේකේ ඉඳගෙන ඒක නැරඹුවා..ඒක තමා ආරම්භය..
රනිල් හිටියනම් එයා එක්ක තමයි කරන්නේ.. මෙන්න උදාහරණ
එතකොට රනිල් ලංකාවේ නැහැ, රනිල් ලංකාවේ හිටියනම් රනිල්ව කනවලා තමා එක කරන්නේ..එකට හොඳම උදාහරණය තමයි අපි අන්ප්ලග් එකක් කරා වික්ටර් රත්නායක එක්ක..අපි වික්ටර් අයියිව ගෙදර තියලා අපි සින්දු කියන්නේ ගියේ නැහැ..වික්ටර් අයියිව ගෙන්නලා ලස්සනට ෂෝ එක කරේ නැහැ..එතකොට අමල් පෙරේරා...අමල්ව දාගත්තේ තාත්තගේ සින්දු කියන්න..අමල් ඉන්නකොට අපි තනියෙන් කියන්න ගියේ නැහැ..එතකොට කීර්ති පැස්කුවල් එක්ක අපි අන්ප්ලග් එකක් කරා..කීර්ති අයියව ගෙනල්ලා එයා එක්ක තමා අපි ෂෝ එක කරේ...
ධර්මපාල විදුහලේ ප්‍රසංගයට සහභාගී නොවී නෙලුම් පොකුණේ ප්‍රසංගයට සහභාගී වූ රනිල්
දැන් ඔය ලක්ෂයක කතාවක් කියනවනේ..ධර්මපාල කොලේජ් එකේ මීට කලින් කරානේ ෂෝ එකක්..එතකොට රනිල් රට හිටියේ...රනිල් ලංකාවට ආවම ලක්ෂයක් ඕන කියලා ඔර්ගනස්යිසර්ස් ලා කතා කරලා කරලා හතලිස්දාහට බස්සගෙන..අපි Practice කරලා බීට්ස් දාල පබ්ලිසිටි දීල ඉවර උනාම රනිල් ඇවිත් කිවා...මචන් තාත්තගේ කොන්සර්ට් එකක් යනවා නෙලුම් පොකුණේ එකම දවසේ එකම වෙලාවේ..එතකොට මම කිවා එහෙනම් උඹ එතනට සහභාගී වෙලා ටකස් ගාල එන්න..එතකොට එයා කිව්වා..නෑ මචන් සම්පූර්ණ කොන්සට් එක කරන්න වෙනවා එන්න විදියක් නැහැ..මම ඇහුවා එතකොට මොකද අපි කරන්නේ කියල..එයා කිව්වා උඹල ඕක කරගෙන පලයන් කිසි ගැටළුවක් නැහැ..එහෙම කියලා තමයි ෂෝ එක කලේ..
රනිල් ආවේ නැති හින්දා ගෙවීමක් උනෙත් නැහැ
ඒ ෂෝ එකේ කිසිම ගෙවීමක් උනේ නැහැ..මොකද එතන මිනිස්සු බලා ඉන්නවා ඒ ෂෝ එකේ..ඒ ෂෝ එකේ එයාවත් සිහි කරලා ලස්සනට ෂෝ එක කල...ඒ සිදුවීම සහතික කරලා ධර්මපාල කොලේජ් එකේ සංවිධායකයන මට ලිපියක් එවල තියෙනවා....
එම ලිපිය බලන්න පහතින්

ගාල්ල මහින්ද විද්‍යාලය විසින් සංවිධානය කල සංගීත ප්‍රසංගයේ රනිල් මල්ලවආරච්චි වෙත මුදල් ගෙවා තිබු අයුරු

රනිල් මල්ලවආරච්චි ගේ සොහොයුරා තාරක පළමුව ක්ලැරන්ස් අන්ප්ලග් ප්‍රසංගයට සහභාගි වන බව පවසා පසුව අදහස් දක්වා තිබු අයුරු


Put the internet to work for you.
Post a Comment