ඩෙංගු වෛද්‍යවරියට ජනපතිගෙන් පහසුකම්

ඩෙංගු රෝගයට සාර්ථක ආයුර්වේද ඹෟෂධයක් සොයා ගත් ගාල්ලේ ඩෙංගු වෛද්‍යවරිය ලෙස ප්‍රචලිත ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසුරියට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සායනික පර්යේෂණ සිදු කිරීමට රජයේ රෝහලකට අනුබද්ධ විශේෂ පහසුකම් ලබා දෙන ලෙස පසු ගිය සතියේදී ජනාධිපතිතුමා ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත. 

දැනට වසරකට පමණ පෙර ආයුර්වේද පර්යේෂණායතනයේ සායනික පර්යේෂණ සිදු කිරීමට ස්ථානයක් ලබා දෙන බවට බලධාරීන් විසින් ඇයට පොරොන්දු වී සිටියද මෙතෙක් ඇයට මේ සඳහා අවස්ථාවක් ලැබී නොතිබිණි.

මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරිය විසින් ගිය බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිතුමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව ඒ මොහොතේම ජනාධිපතිතුමා විසින් ඇයට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කොට තිබේ. ඒ මොහොතේම ආයුර්වේද වෛද්‍යවරියට ජනාධිපතිතුමා විසින් දුරකථනයෙන් ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයා දුරකථනයට සම්බන්ධ කැර ඇයගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙස උපදෙස් දී තිබේ. 

 මේ වෙන විට ඩෙංගු රෝගයට ගොදුරු වු පුද්ගලයන් තුන් දහසකට අධික පිරිසක් සුවපත් කොට ඇති තමාට අවශ්‍ය මේ රටට සේවයක් කිරීමට බවත් ඒ සඳහා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ උපකාරය සිදු කිරීමට ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන බවද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසුරිය කියා සිටියාය.
චන්දන බණ්ඩාර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment