පාර්ලිමේන්තුව උණුසුම් කල රන්ජන්ගේ අයවැය කතාව

2014 අයවැය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව හෙයින් පාර්ලිමේන්තුවේ ඇතිවුයේ උණුසුම් තත්වයකි. එම කතාවේදී කරුණු පැහැදිලිකල රන්ජන් රාමනායක සාමාන්‍යයයෙන් සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ පිරිස අයවැය ට හොඳ කීමත් විපක්ෂයේ පිරිස අයවැයේ නරක කීමත් අවසානයේ ඉන් පීඩාවට අත්වන්නේ මහජනතාව බවය. 

එහෙයින් තමා මෙවර යවය කතාව සිදුකරන්නේ සාමන්‍යය පුරවැසියෙකු ලෙසින් බව සඳහන් කරමින් ආරම්භ කල අයවැය කතාවෙහි ඒක පුද්ගල නය ප්‍රමාණය ඉහල යාම, අසාර්ථක ව්‍යාපෘති, ජනතාවට සහන ලබා නොදී බල්ලන්ට පුසන්ට සහන ලබා දීම,රටට විනිමය ගෙනෙන විදේශ සේවා නියුක්තිකයන්ට අවම මුදලක් වෙන් කිරීම වැනි කරුණු අඩංගු විය. 

මෙම කරුණු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දන්නවා උනත් ඔවුන්ට මුනිවත රැකීමට සිදුවී ඇත්තේ එසේ කතා කිරීමට යන අය අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවට පැමිණවීමට රජය කටයුතු කරන නිසාවෙන් බවද රන්ජන් රාමනායක විසින් පෙන්වා දෙන ලදී. 

එමෙන්ම අයවැයේ බදු වැඩි බවත් ඒවා අඩුකොට සහන ලබාදෙන මෙන් ඉල්ලු ආණ්ඩු පක්ෂයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියට රන්ජන් රාමනායක ස්තුති කළේය. එහිදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හට "ගෑනි" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් සභාවේ ඇතිවුයේ උණුසුම් තත්වයකි. 

එම කතාවට විරෝධය දක්වමින් රන්ගී සිටි රෝහිත අබේගුණවර්ධන රන්ජන්ගේ කාන්තාවක් සම්බන්ධයෙන් දැනට විභාගවන නඩුවක කරුණු ගෙනහැර පාන්නට විය. එහිදී රන්ජන් කතාව නවතා කියා සිටියේ එම කාන්තාවට නයෙක් ගැසූ හෙයින් දැන් උසාවි ඒමට නොහැකි වී ඇති බවය. 

අයවැය කතාව නවතා එම චෝදනාවලට පිළිතුරු දීමට ගිය රන්ජන්ට අයවැය කතාව නොඅනවත්වා කියනමෙන් උපදෙස් ලැබුනේ ඔහුට යාබද අසුනේ සිටි අජිත් පී. පෙරේරාගෙනි. කිහිපවරක්ම කියා රන්ජන් නැසූ කල ඔහු විසින් "කියපන් හු.." යනුවෙන් රන්ජන්ට කියූ කතාවද මයික්‍රෆෝනයෙන් ඇසුනි. 

එම කතාව බලන්න පහතින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment