දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු වරට යතුරුපැදි අනතුරක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු වතාවට යතුරුපැදියක් අනතුරට ලක්ව තිබේ. යතුරුපැදිය අධිවේගී මාර්ගයේ පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. යතුරුපැදි, ත්‍රීරෝද රථ, බයිසිකල්,කරත්ත අධිවේගී මාර්ගයට ඇතුලත් කිරීම තහනම් ය. 

එසේ තිබියදී මෙම යතුරුපැදිකරු අධිවේගී මාර්ගයට ඇතුළුවී ඇත්තේ වැලිපැන්න හුවමාරුවෙනි. වැලිපැන්න හුවමාරුවෙන් ඇතුළුවූ යතුරුපැදිකරු යතුරුපැදිය පදවා ඇත්තේ අධිවේගී මාර්ගය ගමන් ගන්නා අතට නොව විරුද්ධ දිසාවටය. 

එසේ ගමන් කිරීමේදී ඉදිරියට පැමිණි වැන් රථයක යතුරුපැදිය ගැටී තිබේ. යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා දර්ගා නගරයේ පදිංචිකරුවෙකි. 

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සිට ඇත්තේ බීමතිනි. වැලිපැන්න හුවමාරුවෙන් යතුරුපැදියක් ඇතුළු වුයේ කෙසේද යන්න තවමත් හෙළිවී නොමැත. මෙතක් කල් අනතුරකදී අධිවේගී මාර්ගයට සිදුවූ හානියට අනතුරට ලක්වූ පුද්ගලයාටම ගෙවීමට සිදුවුවත් මෙම අනතුරේදී වැන් රථ රියදුරා අධිවේගී මාර්ගයේ පාලන අධිකාරියෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ඇත. 

වැඩි විස්තර හා ජායාරූප බලාපොරොත්තුවන්න.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment