අමල් පෙරේරා පොලීසියට පොල්ල තියයි - Amal Perera avoids the Police-Police says he will be arrested if he evades

"අත්අඩංගුවට ගන්න බව පොලීසිය කියයි"

රෝසි' නමින් අඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බදාදා (18) උදේ 9 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණිය නොහැකි බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ නීතියට අවනතව ඔහු පොලීසියට පැමිණිය යුතු බවත් නැතහොත් ඔහු අත්අඩංගුවට ගන්නා බවත්ය.කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතා පවසා සිටියේ ගායක අමල් පෙරේරා මහතා දුරකථනයෙන් තමාට කතා කර අද (18) නොව හෙට බ්‍රහස්පතින්දා (19) පැමිණිය හැකි යැයි පවසා ඒ සඳහා අවසර ලබාගත් බවයි.

"අමල් පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් පමණයි. නීතියට අවනත වී ඔහු පොලිසියට පැමිණිය යුතුයි. නැත්නම් අත්අඩංගුවට ගන්නට සිදු වෙනවා." පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතා පැවසුවේය.

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිටි දුර්ලභ වර්ගයේ සුදු කැස්බෑවා ඉකුත් 15 වැනිදා අලුයම හිටිහැටියේ අතුරුදන් වී තිබේ. ඒ පිළිබඳ තමන්ට අමල් පෙරේරා නැමැති ගායකයා සැක යැයි කියමින් එම මධ්‍යස්ථානයේ හිමිකරුවන කේ.චන්ද්‍රසිරි අබ්‍රෙව් මහතා කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
Even though Amal Perera has promised to make a statement in the police regarding the white turtle which costs more than 10 billion rupees, he has stated that he is unable to report to the Police station today due to unavoidable circumstances and that he will report to the Police tomorrow.

He has made a call and informed it to the Kosgoda Police station. However the Police states that he will be arrested unless he reports to the police soon.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment