පැනෝරා Advertisingහි මුදල් ගෙවීම් නවතී !

තිස්සමහාරාමයේ ලුමිනස් advertising හි සමන් වන්නිගමගේ කණ්ඩායමේ සිටි ජයසිංහමානච්චිගේ සෝමලාල් විසින් දැනට මාස හයකට පමණ පෙර අම්බලන්තොට වලව ප්‍රදේශයේ ආරම්භ කරන ලද පැනෝරා ආයතනයට සිය සාමාජිකයන්ට සතිතුනක කාලයක් තිස්සේ ප්‍රතිලාභ ගෙවීමට නොහැකි වී ඇත. 

මේ හේතුවෙන් එම ආයතනයේ ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කල ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙමින් සිටින බව වාර්තා වේ. 

ඒ හේතුවෙන් පොලිසියේ නිලධාරීන් ද තැනින් තැන යොදවා ඇතිඅතර මේ වනවිට එම ප්‍රදේශයේ කුමන වෙලාවක හෝ පුපුරා යාහැකි ගැටුමක් නිර්මාණය වෙමින් පවතී. මෙහි හිමිකරු වන ජාසිම් ආරච්චිලාගේ සෝමලාල් එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේද බඳගිරියේ ඔහුගේ නිවසින්ද අතුරුදන් වී තිබේ. 

පසුගියදා පැනෝරා හි සාමාජිකයන් ඔහුගේ කාර්යාලයට පැමිණ මුදල් ඉල්ලා කරදර කල අවස්ථාවේ එහි දුරකථනයකට කතාකොට ලවුඩ් ස්පීකර් ඔන් කොට මහ බැංකුවේ පරීක්ෂණ ඉවර වූ වහාම මුදල් ගෙවන බවට පොරොන්දු වී ඇත. 

මුදල් වෙනුවට ඊයේ දිනයේදී පැනෝරා ෆුඩ් සිටියෙන් සාමාජිකයන් හට භාණ්ඩ ලබා දී තිබු අතර අද දිනය වනවිට එයද නැවතී ඇත. මෙහි හිමිකරු වන සෝමලාල් හට ඩිෆෙන්ඩර් රථයක් , ජීප් රථයක්, ඩොල්ෆින් වෑන් රථයක්, හොන්ඩා හයිබ්‍රිඩ් රථයක් තිබෙන අතර පසුගියදා ප්‍රකෝපකාරී වූ සාමාජිකයන් ඔහුගේ හයිබ්‍රිඩ් රථය වටලා එහි යතුරද උදුරාගෙන ඇත. 

එම අවස්ථාවේ ජයාරූප එකතුවක් පහලින් බලන්න 


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment