උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ආරම්ක කල බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ගම්පහ ප්රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේද කීය. 'අපි දෑත් ශක්තිමත් කරන්න එතැන ඉන්නේ නැතිව උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කළා.දැන් අපිට උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ඉදිරියට ගෙන යන්න හැකි වී තියෙනවා. පනස් දහසක, හැට දහසක ජනතාවක් ඔවුන්ගේ ශක්තිය අපට දීල තියෙනවා.
ඒ රට ගැන හිතා බඩගෝස්තරවාදී දේශපාලනයට අවනත නොවෙමිනුයි. වයඹ මැතිවරණයේදී අපි මැතිවරණයට සූදානම් වෙනකොට අපට ශබ්ද විකාශන යන්ත්ර පාවිච්චි කරන්නවත් ඉඩ දුන්නේ නැහැ.කෙතරම් බාධක ආවත් ජනතාව වෙනුවෙන් කෙසේ හෝ අපේ යුතුකම ඉෂ්ට කරන්නට අපි කටයුතු කළ බව කියන්න කැමතියි.
කෙසේ හෝ අපේ ස්ථාන වල රැස්වීම් පැවැත්වුවා. බාධා අවහිර මැද රැස්වූ ජනතාව දුටුවාම ඒ පළාතේ නිර්භීත ජනතාවක් ඉන්න බව අපි තේරුම්ගත්තා.මේ රටේ පාලකයා ගැත්තන්ට උපදෙස් දුන්නේ ගහල එලවලා හරි එක ආසනයක් ගන්න දෙන්න එපා කියලා වුණත් ඒ ප්රදේශයේ ජනතාව අපට කිව්වේ තමුන්නාන්සේලා එක ආසනයක් ගත්තත් විශාල ජයග්රහණයක් විදිහට සලකන බවයි.
අන්තිමේ අපට ආසන පහක් ලැබුණා.ඒක විශේෂ ජයග්රහණයක් කියා කවුරුත් අවිවාදයෙන් පිළිගත්තා.මම ඒ ජයග්රහණය මනින්නේ ලැබුණු ආසන ගණනින් නෙමෙයි.92,000ක් දෙනාගෙ ආශිර්වාදය ලැබුණු විදියටයි.රජයට ලක්ෂ 9ක් දෙනකොට අපට 92,000ක් ඡුන්දය දුන්නා
Put the internet to work for you.
Post a Comment