පුවත්පත් පිට වරද පටවා ඉරාජ් හා දිනේෂ් සාමදාන වෙයි


ඉරාජ් හා ඉන්ෆාස් ගායනා කල මනමාලි ගීතය පසුගිය කාලයේ අන්තර්ජාලය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත්වූ අතර වෙබ් අඩවි හරහා ඩවුන්ලෝඩ් කිරීම සඳහාද නිකුත් නොකොට එය යුටියුබ් වෙත පමණක් මුදාහැර තිබුනා. 

එහෙයින් මාස පහක් වැනි කෙටි කලක් තුලදී එය නැරඹු සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබුණි. නමුත් එය මිලියනය ඉක්මවීමත් සමග දිනේෂ් සුබසිංහ ඇතුළු කණ්ඩායම කියා සිටියේ ශ්‍රීලාංකික ගීතයකට ලැබුණු වැඩිම යුටියුබ් හිට්ස් ප්‍රමාණය ලැබී තිබුනේ ඔවුන් ගායනා කරනලද "ඒ කාලේ" ගීතයට බවය. 

මේ පිළිබඳව අප වෙබ් අඩවියේ ලිපියක් පලකල අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එකිනෙකාට පුවත්පත් මගින් අභියෝග කොට තිබුනේ මෙලෙසිනි. 

ඉරාජ් දැක්වූ අදහස 
මේ තියෙන්නෙ ලංකාවේ වැඩියෙන්ම බලලා තියෙන වීඩියෝව කියන ප්‍රශ්නෙ. ඔතැනදි ලංකාවේ මියුසික් වීඩියෝ එකක් හැටියට වැඩිපුරම බලලා තියෙන්නේ අපේ වීඩියෝ එක. දැනට දිනේෂ් කරපු වීඩියෝ එක අපේ එකට වඩා 50,000ක් විතර වැඩියි. 

තව සුමාන ගණනින් අපි කොහොමත් ඒ සීමාව ඉක්මවා යනවා. හැබැයි ඒ තැන අරන් තියෙන්නේ ඇත්තටම මිනිස්සු බලලා නෙවෙයි. ඒ කියන්නේ You Tube එකේ ගෙවලා වීඩියෝ හිට් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. "ඒ කාලේ" කියන්නේ ඒ විදියට ආව එකක්. ස්ක්‍රීන් ෂොට් එක මගේ ළඟ තියෙනවා. ගන්ගම් ස්ටයිල් ගීතය, අපේ මනමාලි, ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය ළහිරු පෙරේරාගේ ගීතය සහ ඒ කාලේ කියන ගීතය කම්පෙයාර් කළොත් ඒ වෙනස පැහැදිලිව පේනවා. 

ඒක You Tube එකට ගිහින් ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. 

ඒ ක්‍රමය පැහැදිලි කරන්න පුළුවන්ද ඉරාජ්? 
ක්‍රමය කියනවා නම් මෙහෙමයි. You Tube එකේ ඕනම වීඩියෝ එකක් යට තියෙනවා Analytics කියලා බට්න් එකක්. ඒ බට්න් එක ක්ලික් කළාම ඩ්‍රාෆ්ට් එකක් පෙන්නවා. ඒක ලස්සනට වක්‍රාකාරව සලකුණු කරනවා නම් ඒක ඇත්තටම බලලා. තවත් තැනක තියෙනවා පඩිපෙළක් වගේ එකපාරට එක දවසට ලක්‍ෂය, ලක්‍ෂ තුනක් විතර බලලා. 

ඒ කියන්නේ ගෙවලා Hits ගත්ත ක්‍රමයක්. දවස් ගාණක් එකම තැන තිබුණු සින්දුවක් එකපාරට ලක්‍ෂ තුනක් වැඩි වෙනවා කියන්නේ ඒ දේ පිළිගන්න බෑනේ. 
E Kale YouTube Statistics
Manamali Youtube Statictics

දිනේෂ් ගේ ප්‍රතිචාරය 
මම ඒ වගේ වැඩකරලා ගමනක් ගිය කෙනෙක් නෙවෙයි කියලා මම ගැන දන්න අය දන්නවා..එහෙම කළා නම් මම මේ වෙද්දී මීට වඩා ජනප්‍රිය වෙලා..මේ ගීතය ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි මේ ගීතය ගැන පුවත්පත් ලිපි තිස් හයකට වඩා ලියවෙලා තියෙනවා..

අනිත් එක ලංකාවේ ගීතයක් වෙනුවෙන් විකිපීඩියා පේජ් එකක් මුල්මවරට හැදුනේ මේ සින්දුවට..සංගීතය ව්‍යාපාරයක් කරගෙන ඉන්න අන්තර්ජාතිකව මේ ක්‍රේෂ්ත්‍රයට ලැබෙන්න තියෙන අවස්තාවන් උදුරගන්න බලන කොටසක්.. 

ඒ කාලේ ලබන අසීමිත ජනප්‍රියතාවයක් එක්ක තැතිගැන්මට ලක්වෙලා තියෙනවා..කව්රුහරි එහෙම චෝදනා කරනවානම් ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න ඕන..මම එහෙම කරනවානම් හරි කැමතියි..ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිත් ඔප්පු කරලා පෙන්නන්න.. 

ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ මාධ්‍යයකට විත් එය ඔප්පු කලේ මෙසේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment