බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වියර් මේ බව ප්‍රකාශ කර තිබේ.
සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් හියුගෝ ස්වයර් පවසා ඇත්තේ මෙරට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක් කරන බවයි.
මේ අතර නියමිත කාලසීමාවන්වලදී ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සිදුවීමේ යහපත් ප්‍රවණතාවක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ඉන්දියාව පවසයි.
ඉන්දියාව පවසන්නේ පසුගියදා පැවති ජනාධිපතිවරණය මගින් ඒ පිළිබඳ මනාව පිළිබිඹු වු බවයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙයිඩ් අක්බරුදීන් මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවන බව ද සෙයිඩ් අක්බරුදීන් පවසා තිබේ.
එමගින් දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කරගැනීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නව රජය රටතුළ වෙසෙන සියලු ජාතීන්ගේ අභිප්‍රායන්ට ඉඩ සලසා දෙමින් සාමකාමීව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙයිඩ් අක්බරුදීන් ප්‍රකාශ කර තිබේ.

Post a Comment