T20 වල්ඩ් කප් එකට කණ්ඩායම හදන්න හදන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක Chandimal

බංගලාදේශයේ ලබන වසරේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට අවශ්‍ය කණ්ඩායම සැලසුම් කිරීමට නවසීලන්තයට ‍එරෙහිව පැවැත්වෙන තරගාවලිය උපකාරකරගැනීමට සැලසුම්කරන බව නායක දිනේශ් චන්දිමාල් අද මාධ්‍ය හමුවේ පැවසුවේය.

"වල්ඩ් කප් එකට තව තරග 6ක් වගේ සංඛ්‍යාවක් තියෙන්නෙ ඉතිංඅපි වැඩි වෙනස් කම් කරන්න කණ්ඩායමක් විදියට බලාපොරොත්තුවක් නැහැ. මම නායකයෙක් විදියට බලාපොරොත්තු වෙන්නෙ පුළුවං තරම් වල්ඩ් කප් එක කවුද සෙල්ලම් කරන කරන්නෙ එකොලහ කියල. 

මට එතන ප්ලේයර්ස්ල දෙන්නෙක් තුන්දෙනෙක් හදාගන්න තියෙනව."-දිනේශ් චන්දිමා මාධ්‍ය වෙත පැවසුවා. කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සුලුකොට ගැනීමේ අදහසක් නැති බැවින් පළමු තරගය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම යොදන බවත් ඔහු පැවසුවේය.

"බලාපොරොත්තුවෙන් ඉන්නව අපේ හොද කණ්ඩායම පළමුවෙනි තරගයට යොමුකරල ඊට පස්සෙ අපේ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න." - චන්දිමාල් ඒ අනුව ‍යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන පළමු තරගය ජයගතහොත් නවකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටින රමිත් රඹුක්වැල්ල හා සීක්කුගේ ප්‍රසන්නට දෙවැනි තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති. 


එමෙන්ම මෙම තරගාවලිය එළඹෙන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීමට යොදාගැනීමට නවසීලන්තයද අදහස් කරන බව එරට නායක කයිල් මිල්ස් මාධ්‍ය හමුවේදී පැවසුවේය. 

"20-20 ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට ඉදිරිපත් වීමේදී සැම විටම දක්ෂතම ක්‍රීඩකයන් 15 දෙනා සූදානම් කර ගතයුතු වනවා. අප මෙම තරගාවලියට නවකයන් රැසක් යොදාගත්තා ඔවුන් මේවන විට දක්ෂතා අතර සිටිනවා. මෙම තරගාවලිය ඉදිරි ලෝක කුසලානයේ සංචිතයට සුදුස්සන් තෝරා ගැනීමට හොද අවස්ථාවතක් විය හැකී." - කයිල් මිල්ස් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය රාත්‍රී තරගයක් ලෙස හෙට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment