දුම්රියට ගොඩ වූ නිර්වස්ත‍්‍ර කාන්තාව

ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කරමින් දුම්රියේ 'දෙවඟන' මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී නිර්වස්ත‍්‍ර කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා.

මගීන් කිහිපදෙනෙකුටද කම්මුල් පහරවල් ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමටද ඇය උත්සහ කර තිබෙනවා.

බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළද එම උත්සහය අසාර්ථක වී තිබෙනවා. පසුව ඔවුන් කළ පැමිණිල්ල ක් අනුව පොලිසිය පැමිණ ඇය අල්ලා ගැනීමට තැත් කළ තැන ඇය දුම්රිය
පොළ වටා දුවන්න පටන් ගෙන තිබෙනවා. මෙලෙස පැය භාගයක් පමණ උත්සහ කර ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබු අතර සිද්ධියෙන් කිසිවකුට අනතුරක් සිදු නොවුනත් පැය කිහිපයක් දුම්රිය ගමනා ගමනය ප‍්‍රමාද වී තිබෙනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment