කි‍්‍රකට් පිටියට සමුගත් සුපිරි ඉන්දීය පිතිකරු සචින් - Sachin Tendulkar era is end

සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර, වන්කඬේ ක‍්‍රීඩාංගනයේදී ඊයේ (16) සිය කි‍්‍රකට් දිවියෙන් සමුගත්තා. ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 126 ක ජයග‍්‍රහණයක් අත්කර ගැනීමත් සමඟයි. වන්කඬේ ක‍්‍රීඩාංගනයට රැස්වූ දහස් සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීන්ගෙන් තෙන්ඩුල්කාර් සමුගත්තේ කඳුලක් සලමින්. ජාත්‍යන්තර කි‍්‍රකට් ලකුණු 34,357 ක් රැස් කර ගෙන සිටින තෙන්ඩුල්කාර් ලොව ශතක සියයක් ලැබූ පළමු සහ එකම ක‍්‍රීඩකයායි.

සචින්ගේ ක්‍රිකට් දිවියේ විශේෂ වූ දිනයන්. 

  • 1973 - සචින් උපත ලබුවේ 1973 අප්‍රේල් 24 වැනිදාය
  • 1989 - වයස අවුරුදු 16 දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීම
  • 1990 - සය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීම, එය වාර්තාකරනු ලැබුවේ එංගලන්ත්‍යට එරෙහිවය.
  • 1998 - මුම්බායිහිදී ඔස්ට්‍රේලියිවට එරෙහිව සිය මංගල දිවිත්ව ශතකය සටහන් කිරීම
  • 2005 - සුනිල් ගවස්කාර් තබා තිබූ වැඩිම ටෙස්ට් ශතක වාර්තාව පසුකර යාම
  • 2008 - ලොව වැඩිම ටෙස්ට් ලකුණු ගණනක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් බ්‍රයන් ලාරා තබා තිබූ ටෙස්ට් ලකුණු 11,953 ක ලකුණු ප්‍රමාණය පසුකර යාම.
  • 2010 - ලොව ටෙස්ට් තරග වැඩිම ප්‍රමාණයකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා වීම
  • 2011 - ඉන්දීය පිල සමග ලෝක කුසලාක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට හවුල්වීම.
  • 2012 - අන්තර් ජාතික ශතක සියය සම්පූර්ණ කිරීම. බංග්ලාදේශයට එරෙහිව මාර්තුහිදී එක්දින තරගයකදී එම ශතකය රැස් කළ සචින් එම වසරේ දෙසැම්බරයේදී එක්දින පිටියට සමුදුන්නේය.
  • 2013 - ඔහුගේ 200 වැනි හා අවසන් ටෙස්ට් තරගය මුම්බායිහිදී ක්‍රීඩා කිරීම.











IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment