රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැ.- Rohani Weerasinghe

රොහානි වීරසිංහ අපේ රටේ ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක්. මේ දිනවල හිරුටීවි තුළින් විකාශය වෙන හිරු තනිවෙලා ටෙලි නාට්‍යයේ මාලනීගේ චරිතය හරහා වැඩිපුර කතාබහට ලක්ව තිබෙනවා.

ඉතිං මොනවද අලුත් තොරතුරු :

මේ දවස්වල විකාශය වෙන හිරු තනිවෙලා මෙගා නාට්‍යයේ රඟපාන නිසා වැඩ ටිකක් වැඩියි. ඒක කොටස් 400ක ටෙලි නාට්‍යයක්. මේවෙනකොට කොටස් එකසික ගානක් විකාශය වෙලා ඉවරයි. සුජීව ප‍්‍රසන්නාරච්චිගේ නවකතාවක් තමයි නාට්‍යයට පාදක වෙලා තියෙන්නෙ. නවකතාව කියවපු පාඨකයන් විශේෂයෙන් මේ ටෙලිනාට්‍යයට ප‍්‍රතිචාර දක්වනවා. මම රඟන මාලිනිගේ චරිතය තරමක් සැර පරුෂ චරිතයක්. නමුත් මට ලැබෙන සුපුරුදු විදිහෙ චරිතයක් නිසා අමාරුවක් නැතුව කරගෙන යනවා.


ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියන්න :

අපි කොළඹ උනාට තාත්තා වතු පාලකවරයෙක් නිසා අපි පුංචි කාලෙම කුරුණෑගලට ගියා. මං ඉස්කෝලෙ ගියේ මලියදේව බාලිකාවට. අපි ලොකු උනාම ආයෙ කොළඹ ආවා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ සහෝදරයා සහ සහෝදරියත් කොළඹ. මායි අම්මයි එකට ජීවත්වෙන්නෙ. ළඟදි මං පටන්ගත්තා රූපලාවන්‍ය ආලේපන ගෙන්වන පුංචි ව්‍යාපාරයක්. ඒ සදහා නිතර බැංකොක් යන්න වෙනවා. රඟපෑමෙන් විතරක් ජීවත්වෙන්න බැරිනිසා මොනවා හරි කරන්න ඕනෙ.
අනික මං ජපානයෙන් හම්බකරන් ආපු සල්ලිවලින් වියදම්කරලා හදපු ටෙලිනාට්‍ය දෙකක් තවම තියෙනවා විකුණගන්න බැරුව. නමුත් ඒ ගැන මම තාම බලාපොරොත්තු අතඇරලා නැහැ. ඒවගේම මට මේ දවස්වල හුගක් ආරාධනා ලැබෙනවා ප‍්‍රසංග වේදිකාවෙ ගායනා කරන්න. පුංචි හැකියාවක් තියෙන නිසාද මංදා එහෙම ආරාධනා ලැබෙන්නෙ. කොහොම උනත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගෙවෙනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment