CHOGM වෙනුවෙන් තවත් පෙරහැරක් හෙට

CHOGM වෙනුවෙන් තවත් පෙරහැරක් හෙට


පොදු රාජ්‍ය මණ්ඩලිය රටවල් වල සංස්කෘතික අංග විදහා දක්වමින් දේශිය පාසල් 55ක සිසු දරුවන් 3750ක් සම්බන්ධ කර ගනිමින් නොවැම්බර් 03 වනදා පෙරහැරක් පැවැත්විමට නියමිතයි.




මෙම පෙරහැර පස්වරු 04ට කොළඹ රාජකිය පරිශ්‍රයෙන් ආරම්භවි පස්වරු 06 වන විට නිදහස් චතුරශ්‍රයෙන් අවසන් කෙරේ. මෙහි තේමාව වන්නේ "හෙට අපටයි -සිසු ප්‍රතිභා ප්‍රභා" යන්නයි. මේ හා සමගාමිව නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පාසල් සිසුන් 2000 සම්බන්ධ වන සංස්කෘතික සංදර්ශනයක්ද පැවත්විමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



Post a Comment