නැවත දැනුම්දෙනතුරු ෆාර්ලින් නිෂ්පාදන විකුණන්න බෑ

නැවත දැනුම්දෙනතුරු ෆාර්ලින් නිෂ්පාදන විකුණන්න බෑ


තායිවානයේ ෆාර්ලින් ඉන්ඩස්ට්‍රියල් සමාගම නිෂ්පාදනය කළ මෙරටට ගෙන්වන ළදරු නිෂ්පාදන රැසක මෙරට ලියාපදිංචිය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරිය තීරණයකර තිබේ.




මෙම සමාගම විසින් එම නිෂ්පාදන ලියාපදිංචි කිරීම සඳහා පිළිගත හැකි ලියකියවිලි ඉදිරිපත් කිරීමට අසමත්වී තිබීම එයට හේතුවයි.


අදාළ ලියකියවිලි වල මුල්පිටපත් වෙනුවට ඡායාපිටපත් පමණක් ඉදිරිපත් කර තිබේ. තවද පිටපත්වල රබර් මුද්‍රාව, අස්සන් යනාදිය පැහැදිලිව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සමාගමෙන් විමසූ විට මුල් පිටපත් විනාශවී ඇති බැවින් ඒවා ඉදිරිපත් කළ නොහැකි බව ඖෂධ අධිකාරිය තීරණය කර තිබේ. මෙම නිෂ්පාදන දැනට වරායේ තිබේ නම් එම තොග නැවත දැනුම් දෙනතුරු නිදහස් නොකරන ලෙස ‍විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවද සඳහන්.


මෙම සමාගම විසින් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය වන්නේ,


ටූත් බ්‍රෂ් බේබි, බේබි ටීට්ස්, නිපල් ෂිඩ්-සිලිකන්, බේබි ටීට්ස්/ සිලිකන් නිපල්ස් ටීට්ස්/ නිපල් ෂීඩ්- සිලිකන්, සූතර්ස්- මෙඩිකල්, ග්‍රේඩ් සිලිකන් /හයස්ට් කොලිටි නැචුරල් ලේටෙක්ස්, සූතර්ස්- මෙඩිකල්, ග්‍රේඩ් සිලිකන්/ හයස්ට් කොලිටි නැචුරල් ලේටෙක්ස්, සූතර්ස් - මෙඩිකල් ග්‍රේඩ් සිලිකන්,හයස්ට් කොලිටි නැචුරල් ලේටෙක්ස් නමැති ළදරු බුරුසු සහ සූප්පු වර්ග ද, ෆාර්ලින් බේබි වෙට් වයිප්ස් (ස්කින් කෙයාර්), ෆාර්ලින් බේබි වෙට් වයිප්ස් (ඇන්ටි බැක්ටීරියල්), ෆාර්ලින් බේබි වෙට් වයිප්ස් (ඇන්ටි රෑෂ්), ෆාර්ලින් බේබි වෙට් වයිප්ස්- රිලැක්සින්, ෆාර්ලින් බේබි වෙට් වයිප්ස් (හෑන්ඩ් ඇන්ඩ් මවුන්ට් වෙට් වයිප්ඩ්)


මෙම භාණ්ඩ අත්හිටුවීමෙන් පසු වෙළෙඳපොළට ඒවා නිකුත් කිරීමට කටයුතු කරන වෙළදුන් එහි වගකීම බාර ගත යුතු බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.



Post a Comment