
පොදු රාජ්‍ය මණ්ඩලියය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට පැමිණෙන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට මෙතෙක් වීසා ලැබී නොමැති නම් එය කඩිනමින් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
වීසා නොමැතිව පැමිණෙන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හට ලංකාවට පැමිණි පසු බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී වීසා ලබා දීමට පියවර ගෙන තිබේ. ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ මාධ්‍යවේදීන්ට නිකුත් කරන හැදුනුම්පත ලැබී ඇතිනම් මෙරටට පැමිණෙන මාධ්‍යවේදීන්ට වීසා ලබා ගැනීමට හැකි බවයි ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්තී අමාත්‍යංශය සඳහන් කලේ.
Post a Comment