සල්ලි දීලා එන්න ඇහුවත් රවීව ගන්නැ - රෝසි දයාසිරිට ඕනේ නම් මම ගන්නම් - ජනාධිපති මහින්ද

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සල්ලි දීලා එන්න ඇහුවත් ආණ්ඩුවට ගන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා තිබේ. 

ඒම හතා මෙසේ පවසා ඇත්තේ පසුගියදා වැති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම නිමා වීමෙන් අනතුරුවය. සාකච්ජාව නිමාවී ජනාධිපතිවරයා හා දයාසිරි, මහින්දානන්ද ඇතුළු පිරිසක් කතාබහක නිරත වී සිටියදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු, බස්නාහිර, ඌව පළාත් සදහා මැතිවරණ පිළිබද මාතෘකාවද ඇදී ආවේය. 

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ බස්නාහිර, දකුණු සහ ඌවට ඉදිරිපත් කිරීම සදහා ජනප‍්‍රිය මහ ඇමති අපේක්ෂකයන් තිදෙනෙකු සොයමින් තමන් මේ දින වල සිටින බවකි. එවිට දයාසිරි මේ වන විට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පැතිර යන එක්තරා කටකතාවක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවූයේය. 

ඒ, එජාප මන්තීවරයෙකු වූ රවී කරුණානායක මහතා බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ආණ්ඩුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින අවට වූ කටකතාවයි. දයාසිරිගේ මේ කතවට මහා හයියෙන් සිනාසෙමින් ජනාධිපතිවරයා අපූරු පිළිතුරක් දුන්නේය.

'මටත් ආරංචියි තැන් තැන් වල කතාවක් යනවා කියලා එයා බස්නාහිරට ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයා විදියට එනවා කියලා. හැබැයි මම එකක් කියන්නම්. සල්ලි දීලා එන්න ඇහුවත් රවී නම් මම මේ පක්ෂයට කවදාවත් ගන්නේ නැහැ' යන්න ජනාධිපතිගේ පිළිතුර විය. 

එවිට දයාසිරි ජනාධිපතිවරයාට නෑසෙන්නට මහින්දානන්දගේ කනට කර කීවේ රෝසි ආවොත් එහෙම ජනාධිපතිවරයා නොගෙන ඉදීද දන්නේ නෑ කියලා. දයාසිරි එය ජනාධිපතිවරයාට නෑසෙන්නට ඇසුවත් මහින්දානන්ද එය ඒ මොහොතේම ජනාධිපතිවරයාගෙන් විමසා සිටින්නට කටයුතු කළේය. 

'ජනාධිපතිතුමනි මේ දයාසිරි අහනවා රෝසි ආවොත් අපේ පැත්තට ගන්නවද කියලා' යනුවෙන් මහින්දානන්ද කියද්දී ගත් කටටම සිනාමුසුව ජනාධිපතිවරයා කියා සිටියේ 'මගේ නම් කැමැත්තක් නැහැ. හැබැයි ඉතින් දයාසිරිට ඕනේ නම් මම ගන්න කියන්නම්' කියාය. 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment