සෙත්සිරිපාය ඇතුලේ අල්ලස් අරන්

සෙත්සිරිපාය ඇතුලේ අල්ලස් අරන්


බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ‍්‍රය තුලදී ඊයේ (01)පස්වරු 5 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රුපියල් ලක්‍ෂ 05 ක මුදල් ලබා ගෙන වංචා කිරීමක් සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.




සැකකරු වයස අවුරුදු 37 ක් වු අතර ඔහු රාගම ප‍්‍රදේශයේ පදිංචි අයෙකු ද වේ. මොහු නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉවත් කිරීමට යෝජිත වෙළද සැල ඉවත් නොකිරීම සදහා එම වෙළදසැලේ හිමිකරුගෙන් රුපියල් ලක්‍ෂ 05 ක මුදලක් ලබා ගෙන තිබේ. සැකකරු අද දින කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 04 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment