නාගොල්ල කැලේ සැකසහිත මළ සිරුරක්

නාගොල්ල කැලේ සැකසහිත මළ සිරුරක්


විල්ගමුව, නාගොල්ල ප‍්‍රදේශයේ ලදු කැළෑවක් තුල තිබී අද (02) පෙරවරු 11 ට පමණ සැකසහිත මළ සිරුරක් විල්ගමුව පොලිසිය සොයා ගෙන තිබේ.




මෙසේ මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 39 ක්වූ විල්ගමුව ප‍්‍රදේශයේම පදිංචි වසන්ත උපුල් කුමාර යන අයයි. මිය ගිය පුද්ගලයා පසුගිය 27 වන දින සිට අතුරුදහන් වී ඇති බවට ඔහුගේ බිරිද විසින් විල්ගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මළ සිරුරේ හිසෙහි පිටතින් පෙනීමට තුවාල ද තිබෙන බව පොලිසිය පවසයි. මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය හෙට (03) දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment