
වදුරඹ, කිරින්දලාහේන ප‍්‍රදේශයේ පිහිටි පාසල් වත්තක සිටි ළමුන් දෙදෙනෙකුට අද (02) 1.30 ට පමණ අකුණුසැර වැදී තිබේ.
අකුණුසැර වැදීම හේතුවෙන් තුවාල ලැබූ ළමුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී එක් අයෙකු මිය ගොස් ඇති අතර අනෙක් ළමයා තුවාල ලබා කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මිය ගිය දරුවා වයස අවුරුදු 15 ක්වූ වදුරඹ ප‍්‍රදේශයේ පදිංචි හසිත එරන්ද වේ. මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය හෙට (03* දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වදුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
Post a Comment