
"යහපත් සමාජයක් බිහිකරලිම අරමුණ කරගනිමින් පළමුව අප වෙතින්ද, දෙවනුව සමාජයෙන්ද නපුර ඈත් කරමින් ප්‍රඥාලෝකය දැල්විමට මෙවර දිපවාලි දිනයේ සිට කැප වෙමු " යනුවෙන් දිපවාලි උත්සවය යෙදෙන අද දිනයට සුභ පැතුම් එක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබේ. හින්දුන්ගේ විශ්වාසය අනුව අද දිනට නරකාසුර පරාජයට පත් කල දිනයයි. වසර 14ක් පුරාවටම වනවාසිව සිටි රාම මෙන්ම පාණ්ඩව කුමාරවරු යලි සමාජය ට පිවිසිමේ දිනය වන්නේද අද දිනයයි. මේ සියල්කගෙන්ම පෙන්නුම් කරනුයේ නපුර අවසන්ව යහපතෙහි උදාවයි. අන්ධකාරය අවසන්ව ආලෝකයේ උදාවයි. ජෛනාගාමිකයෝ සිය අවසන් තිර්ථන්කරයාණන් වු මහාවීර තෙම, මෝක්ෂගතවු දිනය සේ සලකනුයේද දිපවාලි දිනමය. එනයින් බලන කල මෛත්‍රිය,කරුණාව හා සෙනෙහස පතුරුවාලන දිනයක් හැටියට අද දිනය හදුන්වා දිය හැකිය. එදා මෙන්ම නරාකාසුර වැනි චරිත අප අතරම සිටි. සමහර අවස්ථාවල අප හදවත් තුළම එවැනි නපුරු චේතනාවන් තිබිය හැකිය. යහපත් සමාජයක් බිහිකරලිම අරමුණ කරගනිමින් ප්‍රයාලෝකය දැල්විමට අද දිනයේ සිට කැපවෙමු. දීපවාලි දිනය වඩාත් අර්ථවත් කර ගත හැකි වන්නේ එබැවිනි.අද දින දිපවාලි උත්සවය සමරන සැමටම මාගේ සුභ පැතුම් පිරිනමන්නෙමි.
Post a Comment