ඩෙසිබල් 105 පැන්නොත් වැඩ වරදී

ඩෙසිබල් 105 පැන්නොත් වැඩ වරදී


අධික ලෙස නලා ශබ්දයක් පිටකරමින් ගමන් කරන වාහන සියල්ලක්ම පරික්ෂා කිරිමට මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලිස් රථවාහන අංශය කටයුතු ආරම්භ කර තිබේ.




ඇතැම් වාහන නලාවලින් ජනතාවට දරා ගත නොහැකි ආකරයකින් ශබ්ද නිකුත් කරන නිසාවෙන් එම වාහන නලා සියල්ලක්ම පරික්ෂා කිරිමට මධ්‍යම අධිකාරිය තිරණය කර තිබේ.ඒ අනුව එය පාලනය කිරිම සදහා නව නිති රෙගුලාසි කිහිපයක්ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් හදුන්වාදි තිබේ.ඒ යටතේ එන්ජිම පන ගන්වා වාහනය නතර කර ඇති ස්ථානයේ සිට මිටර් 02ක් ඉදිරියේ සිට ශබ්දය මැනිම සිදු කරනු ලබයි.එවිට වාහනයේ නලා ශබ්දය ඩෙසිබල් 105 නොයික්මවිය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරයි.එසේම එය මීටර් 07ක දුරින් පරික්ෂා කිරිමේදි ඩෙසිබල් 93 වඩා අඩු විය යුතු බවද මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.මෙම වාහන පරික්ෂා කිරිම ඊයේ තලංගම ඩිපෝව අසලදි ආරම්භ කර තිබේ.වාහන වලින් නිකුත් කරන ශබ්ද ප්‍රමිතියෙන් තොර වන්නේනම් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.



Post a Comment