
පොළොන්නරුව ,ගිරිතලයේ සංචාරක හෝටලයක් තුළදි පිහිනුම් තටාකයක් තුළදි දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (01)පස්වරුවේ දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු අවුරුදු 28ක් වයසැති ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි අරවින්ද බණ්ඩාර නමැති අයයි.මරණකරු විවාහ පුද්ගලයෙක් වන අතර ඔහුට පුතෙක්ද සිටින බව පොලිසිය පවසයි.දියේ ගිලුණු පුද්ගලයා පොළොන්නරුව හදිස්සි ප්‍රථිකාර ඒකකයට ඇතුළත් කරන විටදි ජිවිතක්ෂයට පත්වි තිබේ.මෘත දේහය සම්බන්ධයෙන් මරණ පරික්ෂණය අද පොළොන්නරුව රෝහලේදි සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මින්නේරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
(පොළොන්නරුව -චන්දික )
Post a Comment