
නාරම්මල, කඩහපොළ ඊරියගොල්ල වැවට ඊයේ (02) පස්වරුවේ දිය නෑමට ගිය මිතුරන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 26 ක් වන අතුල සරත් කුමාර යන හොරොම්බාව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විමෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post a Comment