
සාර්ක් කලාපීය රටවල් අතර පැවති සාකච්ඡාවකදී සාර්ක් කලාපීය ත‍්‍රස්තවාදී වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි නිරීක්‍ෂණ මධ්‍යස්ථානයන්හි ප‍්‍රධාන කාර්යාල ශ‍්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව තුල ස්ථාපිත කළා.
ඒ අනුව මෙම ත‍්‍රස්තවාදී වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි නිරීක්‍ෂණ මධ්‍යස්ථානයන්හි ප‍්‍රධාන දත්ත මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන සදහා ඉන්දීය රජය අනුග‍්‍රහය දක්වා ඇත.එම මූල්‍ය ප‍්‍රතිපාදන යොදවා ත‍්‍රස්තවාදී වැරදි නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නව මහ ලේකම් ගොඩනැගිල්ලේ 02 වන මහලේ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය තුලද මත්ද්‍රව්‍ය වැරදි නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නව මහ ලේකම් ගොඩනැගිල්ලේ 03 වන මහලේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යාංශයේද ස්ථාපිත කරන ලදී.
මෙම කාර්යාල පරිශ‍්‍ර 2013.10.24 වන දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවය සදහා ඉන්දිය මහ කොමසාරිස් යස්වර්ධන් කුමාර්සිං මහතා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.අමුණුගම මහතා. පකිස්ථානයේ නියෝජ්‍ය මහකොමසාරිස් කොල් ෂෙහ්රයාර් බට් මහතා සහ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ඇතුළු ප‍්‍රභූවරුන් විශාල පිරිසක් සහභාගි විය.
මෙම මධ්‍යස්ථාන මගින් සාර්ක් කලාපීය රටවල් අතර ත‍්‍රස්තවාදී සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කිරීමට නියමිතව ඇති අතර සාර්ක් කලාපය ත‍්‍රස්තවාදයෙන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීම මූලික අරමුණ වේ.
Post a Comment