දුම්වැටි විරෝධි කමිටු පිහිටුවයි

දුම්වැටි විරෝධි කමිටු පිහිටුවයි


උතුරු මැද පලාත තුළ පිහිටා ඇති රාජ්‍ය ආයතනවල දුම්වැටි විරෝධි කමිටු පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.




එම අමාත්‍යංශය සඳහන් කලේ එය ලබන වසරේ ජනවාරි පලමු වනදා සිට ක‍්‍රියාත්මක් කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කලේ දිනකට දුම්වැටි භාවිතය හේතුවෙන් පුද්ගලයින් 54 ක් දෙනෙකුට මරණයට පත් වීමට සිදු වන බවත් එය වසරකට 21,000 ක් පමණ බවයි.


ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ලබන වසර තුළ විශේෂ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. තව ද සෑම නිවසකම දුම්වැටියෙන් තොර නිවසක් බවට පත් කිරීම ද මෙහි අරමුණ වී තිබෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කලේ.


මේ අතර වෛද්‍ය සේවයට සාපේක්ෂව රාජකාරී බාධා ප්‍රවාහන දීමනාව ලෙස රැපියල් 10000ක දීමනාවක්ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගෙන පෙරෙදා (1) දින දිවයින පුරා ක්‍රියාත්මක කළ හෙද පරිපූරක ,අතුරැ වෛද්‍ය සේවා වැඩ වර්ජනය හේතුවෙන් පොළොන්නරැව දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි පීඩාවට පත්වී සිටිනු ලක් පුවත් සිදුකළ සංචාරයේදී දැකිය හැකි විය.


පොළොන්නරැව මහ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය හෙද නිළධාරීන් අසනීප නිවාඩු නොමැති කමින් අද දිනය පුරාවට විවෘත කිරීමට නොහැකිව තිබේ. හදිසි අවස්ථාවකදී බොහෝ වාට්ටු වල හෙද හෙදියන් යෙද වීමට හැකියාවක් නොමැති වුවහොත් හදිසි ප්‍රතිකාර සැළස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ පොළොන්නරැව මහ රෝහල් ශාඛාවේ සභාපති ඒ.සී. ලියනගේ මහතා ලක් පුවත් වෙත පැවසීය.


බාහිර රෝගී අංශයේද සායන වලද ඹෟෂධ වේදීන් අසනීප නිවාඩු වාර්තා කර ඇති හේතුවෙන් කිසිදු ඹෟෂධයක් නිකුත් කෙරැනේ නැත. ඒවෙනුවට රාජ්‍ය ඔසුහල මගින් රෝගීන්ට නොමිලයේ බෙහෙත් නිකුත් කිරීමට පටන් ගැනීම සමග පොළොන්නරැව මඩකලපුව මාර්ගයේ මධ්‍යහ්නයේ දිගු පෝලිම් දැකිය හැකි විය.එහිදී අපට මුණ ගැසුනු අරලගංවිල සිට පැමිණි අයිරාංගනී මාසල් ගෙදර නම් මවත් කුඩා දරැවකු වත්තන් කර ගෙන ලක් පුවත් වෙත මෙසේ පැවසීය.


“මෙතෙන්ට ඇවිල්ල පෝලිමේ දැන් පැයක් විතර අවුවේ හිට ගෙන ඉන්නවා. තාම ඔසුහල ළඟට කිට්ටු කරලත් නෑ. දරැවත් අමාරැවෙන් ඉන්නේ. වර්ජන කරන්නත් ඕන තමයි.අපි අමාරැවෙ වැටෙන්න නොදී රජය ඒ අය ගැනත් බලන්න ඕනෑ. උදේ පහට ගෙදරින් ආපු ගමන් දැන් දොළහටත් කිට්ටුයි.“


මැදිරිගිරිය මූලික රෝහලේ ද වර්ජනය හේතුවෙන් 99% ක් රෝහල් කටයුතු අඩාලව පැවතුනි. එහිද හදිසි ප්‍රතිකාර කණ්ඩායම් සේවය ලබා දෙනු අපට දැක ගත හැකි විය.


හිඟුරක්ගොඩ රෝහලද වර්ජනයට සහයෝගය දක්වා තිබුනි. කාලයක සිටම රෝහලේ හෙද හිඟයක් පැවති අතර වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් රෝගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.


පොලොන්නරැව රාජ්‍ය මසුහල අසල දිගු පෝලිමක ඹෟෂධ ගැනීමට බලාපොරොත්තුව සිටි ජනතාවගෙන් කොටසක් මෙහි දැක්වේ.




පොළොන්නරැව චන්දික



Post a Comment